chapter 6🥀

55 14 0
                                    

අදට අවුරුදු 2යි....
මගේ පලමූ ආදරයට.....
කවදාවත් හිමි නොවුන මගේම ආදරය....

අද කොලේජ් එකේ අන්තිම දවස.....
මට එයාව දකින්න ලැබෙන අවසාන දවස.....
අදත් සුපුරුදු ලෙසම ඇයගේ බදවටා ඒ අත රැදිලා තියෙනවා....

-"ඒ ජන්ග්කුකා එහෙනම් ඉතින් ඉක්මනට උබලගේ වෙඩින් එකට අපිට ලෑස්ති වෙන්න වෙයි නේද?."

ඔහු විහිලුවෙන් වගේ කිව්ව ඒ සරදම හිත පතුලටම පිහි තුඩක් වගේ පසාරු කරගෙන ගියත් හීන්සීරුවේ සිනහවක් නගාගන්න මට පුලුවන් වුනා...

-"ම්ම් ඔව් ජිමිනා...කොහොමහරි ඉතින් මේ අත මගේ කරගන්න ඕනෙනේ...."

ඇයගේ එක් අතක් හරි මෘදුව සිපගනිමින් ඔහු ඇය දෙස ඒ නිල් ඇස් යොමු කරා.

-"කුකී..."

-"ම්ම්ම්"

-"සාරන්ග්හේ කුකී....."

-"නාදු සාරන්ග්හේ මැණික.."

හීනෙකින් වගේ ඒ වචන පෙල මගේ කන් දෙක අතරින් ගලා ගෙන ගියා....
මන් අහන්නට පෙරුම් පුරපු ඒ වදන් පෙල....
අද ඔහු ඇයට පවසනවා.....

....................................................

උපාධී උත්සවය අවසන් වුනාට පස්සෙ ලමයින් එක රොත්තට පිට්ටනියට ආවේ සතුටින් කෑගසමින්...
මමත් ඒ පිරිසත් එක්ක එකතු වෙලා සිනහා වුනත්,
මගේ ඇස් හෙව්වේ ඒ රුව.....
එක්වරම හැමෝම කෑගසමින් අත්පොලසන් දෙන්නට පටන්ගත්තේ ,
පිට්ටනිය මැද තම තමන්ගේ ලෝකයේ තනි වෙමින් ආදරයෙන්  සිප ගන්න යුවල දෙස බලාගෙනයි......

ඔව්... ඒ ඔවුන්......
හද පත්ලෙන්ම උපන් සිනහවකින් මුව සරසගෙන මාත් අත්පොලසන් දුන්නේ ඔවුන්ගේ සුන්දර ගමනට සුභ පතමින්......

මේ හිත ඔහුට ආදරය කල වගක් කවදාවත් ඔහු දැනගන්නට නොගනිවී.....කෙසේනම් දැනගන්නද අප්‍රකාශිත වුනු මගේ සොදුරු රහස.......🥀

My Frist Love 🥀Where stories live. Discover now