Chapter 1

43 9 6
                                    


ඒ පරිසරය අපට හුරුපුරුදු වටපිටාව වගේ නම් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස්. ඒකාකාරී වර්ණයෙන් යුත් ගොඩනැගිලි අස්සේ තැනින් තැන තියෙන ශාක වර්ග නිසා ඒ පරිසරයේ අමුතු සිත් ගන්නා සුළු සුන්දරත්වයක් තිබුණා.. නමුත් ඒ ලස්සන සීමා වුණේ පෘථිවියේ තැනින් තැන පිහිටලා තිබුණු කොලනි ඇතුලේ විතරයි..

පෘථිවිය ඇතුලේ මේ වගේ ලස්සන කොලනි ගොඩක් තිබුණා..

ඒත් එතනින් පිට ලෝකය.. කියන්න තේරෙන්නේ නෑ.. ඒත් කියන්න ඕන.. සාගර වල වෙනදා තිබුණු ලස්සන අද නෑ.. කොල පැහැයෙන් පිරුණු පෘථිවි ගොඩබිම් අද දුඹුරු පැහැ ගැන්විලා.. කර්මාන්ත ශාලා වලින් පිටවෙන දුම් වලාවන් හින්දා මුළු වා තලයම කටු පැහැ ගැන්විලා.. ඒත් තැනින් තැන ගොඩනගලා තිබුණු කොලනි ඇතුලේ මිනිසුන් ට ලස්සන ලෝකයක් මවලා තිබුණා..

ඉතින් මේ කොලනි ඇතුලේ ජීවත් වෙන ජනතාව විශ්වාස කරේ එයාලට මවලා පෙන්නන කොලනි විතරයි..

ඒ අයට පිරිසිදු ඔක්සිජන් තිබුනා...

ඒ අයට ඕන ආහාර තිබුණා..

ඒ අයට ඕන අනෙක් හැමදේම තිබුණා..

ඒත් ඒ හැම දෙයක්ම සීමා වුණේ පෘථිවි කොලනි ඇතුලේ විතරයි.. එතනින් පිට ලෝකය, අපි විඳින අපි දකින ලස්සන ලෝකය දකින්න ඒ අයට වාසනාවක් නෑ..

ඒ කාලයේ මනුෂ්‍ය ජනගහනය සීමා වුණේ පෘථිවියට විතරක් නෙවෙයි.. පෘථිවියෙන් එපිට තවත් ග්‍රහලෝක කීපයක මිනිස්සු ජීවත් වුණා..

අඟහරු, බ්‍රහස්පති ඒ අතර ප්‍රධාන තැනක් ගත්තා..  ඒ ග්‍රහලෝකත් පෘථිවිය වගේ තමයි.. මිනිස්සු ජීවත් වුණේ කොලනි ඇතුලේ.. කොහොමත් එයාලට කොලනි වලින් පිට ජීවත් වෙන්න බැහැ.. ඒත් පෘථිවිය...

~~~~

දවසේ අවසන් දේශනය මෙහෙයවපු තරුණ මහාචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයන් එක්ක දේශන ශාලාවෙන් පිටතට ආවා.. සුපුරුදු විදිහට ඉදිරි මහලේ ආපනශාලාවට ඇවිදගෙන යන්න සූදානම් වුණ ඒ මහාචාර්යවරයා නැවතුනේ තමන්ට යමෙක් කතා කරපු නිසා...

" ප්‍රොෆෙසර් කිම්.. පොඩ්ඩක් නවතින්න "

මන් හිතන්නේ ඒ ඉන්නේ විශ්ව විද්‍යාලයේ ආරක්ශක රොබෝවරයෙක් වෙන්න ඕන..

|| THE SEARCH FOR ANOTHER EARTH ||Where stories live. Discover now