Chapter 2

29 6 1
                                    


KARI යන ලොකු අකුරු සටහන් වෙලා තිබ්බ ගොඩනැගිලි දිහා නම්ජූන් බැලුවේ ලොකු ප්‍රශ්නාර්ථ බැල්මකින්.. සතියකට කලින් කෙනෙක් ඇවිත් දීපු ලියුමත් අද දවසේ තියෙන හමුවත් නිසා නම්ජූන් හිටියේ තරමක් නොසන්සුන් වෙලා..

නම්ජූන් දන්නවා තමන් දක්ෂ යාන්ත්‍රික ඉංජිනේරුවෙක් බව.. ඒත් මේ වෙලාවේ ඔහු ඔහුව ම නැවත නැවත පරීක්ෂාවට ලක් කරා..

" ඔහ්.. හෙලෝ මම නම්ජූන් කිම්.."

" සර් නම්ජූන්.. සර්ට ගිය සතියේ මෙතනින් ලියුමක් ලැබෙන්න ඇති.. එන්න අපි ඇතුලට යමු.. "

KARI ආයතනයට ඇතුළුවන ස්ථානයේ හිටපු පිලිගැනීමේ නිලධාරිනිය හිනා වෙලා නම්ජූන් ට කිව්වා.. යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වෙන නම්ජූන් ට මේ නිලධාරිනිය කියන්නේ තවත් එක් රොබෝ යන්ත්‍රයක් විතරයි කියලා අදුරගන්න ගත වුණේ සුළු කාලයක් විතරයි..

" සර් මේ පැත්තෙන්.. "

විදුලි සෝපානය වෙතට ගියපු නම්ජූන් ඒ නිලධාරිනියත් එක්ක ටෙලිපති තාක්ෂණය හරහා රැස්වීම පවත්වන්න නියමිත විශේෂ කාමරය වෙත ගමන් කරා..

ඒ කාලයේ ටෙලිපති තාක්ෂණය භාවිතා කරේ මේ වගේ තැන්වල විතරයි.. රජය මඟින් අවසර ලැබුනු අයට විතරයි සමහර දේවල් භාවිතා කරන්න පුළුවන්..

" ඔයා මේ ගැන විස්තර දන්නවද.. "

" හරියට ම තව පැය බාගයකින් සර්ල ගේ මීටින් එක පටන් ගනීවි.. සර් තව ටික වෙලාවක් ඉන්න වෙනවා මොකද තවම අනික් අය ඇවිත් නෑ.. "

විශේෂ කාමරයේ දොර තමන්ගේ ඉලෙක්ට්‍රෝනික හැදුනුම්පතින් අරින ගමන් ඒ නිලධාරිනිය කිව්වා..

" මාත් එක්ක මෙතනට එන අනික් අය කවුද.. "

" ඒ ගැන ඔයාට ලොකු උනන්දුවක් තියනවා වගේ.. නේද මිස්ටර් නම්ජූන්.. "

කාමරයේ කෙලවරේ තිබුණු පුටුවක ඉදගෙන හිටපු තවත් කෙනෙක් නම්ජූන් දිහා සෘජු දෑසින් බලන ගමන් කිව්වේ නම්ජූන් ගේ ඇඟම හිරි වැටිලා යනකොට..

මුලින් ම KARI එකට එන්න කියලා ලියුමක් ලැබුණා..

සාමාන්‍යයෙන් මෙහෙම ලියුම් හම්බවෙන්නේ විශේෂ අයට විතරයි..

|| THE SEARCH FOR ANOTHER EARTH ||Wo Geschichten leben. Entdecke jetzt