Dear love 3

52 4 21
                                    

දැත් එකිනෙක හා බැදෙමින් අහසෙහි සුන්දර රටාවන් මැවෙන අපුරු හැන්දෑවක මා ඈත් සමග ජිවිතෙහි අරුථ සොයා ගන ගමනක යෙදි සිටියෙමු .

අප එකිනෙකා හට මහන්සියක් කිසි විටෙක නොදැනෙමු . කිමද අප දෙදනාගෙම දැස් එකිනෙක කතා කරමින් සිටියෙමු . මා බලා සිටියේ ඇයගෙ නිතර නිතර වෙනස් වන මුහුණෙහි ඉරියව් දෙසය . ඇයගෙ වෙනස් වන ඉරියව්වලින් කියවුනෙ ඇය සතුටින් සිටින වගය.
කොමල කරන දෙඇස් දෙස මාහට මාගෙ ජිවිතය කාලය වුවද බලා සිටිය හැකියැයි සිතුනි .
ආදරය සුන්දරයයි කියා දන්නවා නමුත් මෙතරම් සුන්දරයැයි කියා සිතුවේ නැත .

කූඩා ලමයකු සේ සිනා සෙසි සුදු කරන දගකාරකම් වලට මා මටත් හොරා පෙම් බැන්දේය. 

විටෙක දිවයන ඈ  නැවත නැවත මා ගෙ අතෙහි බැදෙයි .

මෙය සිහිනයක් නොවන්නට යයි මා යළි යළිත් පතමි .

ඇත්තටම එය ආදරණිය වරුවක් . මා අපෙක්ශා කළ හිනකි .

අප ඇවිද යන මාවතෙ පෙම්වතුන් බොහොමයක් සිටියෙති . නමුත් ඔවුන්ගෙ ප්‍රේමය අපගෙ ප්‍රේමය තරම් ප්‍රේමණීය නොවනු නොවනුමානය .

නිසසල ගලා බසින ගං ඉවුරක ඔක් ගසක් පාමුල වාඩි වූ අප ටික මොහොතකින් ඈ මාගෙ උරහිසට බර විය . ඇයගෙ හුස්ම මාගෙ ගෙලෙහි වදින රටාව අනුව මා තෙරුන් ගත්තෙ අය නිදි දෙව් දුව වැලදෙගෙන ඇති බවයි .

ටික මොහොතක් ඇයගෙ මුව දෙස බලා සිටි මා කල්පනා කළේ ඒ මොහොතකට පෙර සිටි දගකාරිමද මේ සිටින්නෙ කියා.

දගකාරකම් අහන්කාරි මාගෙ සිත මටත් හොරා සොරා ගත් අකාරය අදටත් මා නොදැනිමි .

සිහින් කෙදිරියක් පිට කරමින් ඇය මාගෙ දෙස ලා සිනාහාවකින් බලා සිටියේය .

ඇත්තටම ඇය දෙව්ලියක් . ඇය ඇද සිටි සුදු පැහැති සෙද ගවුම ඇය දෙව්ලියක් සේ පෙනිමට කදිමට ගැලපුණි .

'මොකද ඔහොම බලන්නෙ '

'නිකන් . ඇයි එපාද '

'ම්හ් ... එ උනාට ඔහොම බැලුවාම .... '

'ඔහොම බැලුවාම මොකක්ද කියන්න බලන්න '

'මුකුත් නැහැ . '

එසෙ පවසා මගෙන් ඈතට දිවගොස්

'අද දවසට තැන්ක්ස් . එත් මන් වෙනුවෙන් බලන්න ඉන්න එපා . කරුණාකර පොරොන්දු වන්න සතුටුන් සිටින වගට '

මා සිහිනෙන් මෙන් පොරොන්දු විය . නැවත් වරක් මාදෙස සුන්දර සේ සිනා සුන ඇය මා ඉදිරියේම අතුරුදහන් විය .

මා ඇගෙ නම කෑ ගසා ඇයට කතා කලෙමි .

එවිට මා සිටියෙ නින්දෙන් අවදි විමෙනි .
සිහිනයක් වුවත් එය මා හටනම් සොදුරු මතකයකි .
නමුත් එය සිහිනයක් පමනක් කියා මා හට විස්වාස කල නොහැක.

කිමද ඇය විදියෙ තිබු කඩයකින් මිලදී ගෙන මාගෙ අතෙහි පැලදු පළදනාව එලෙසම තිබුනි .

'ලස්සනයි . ඔක කවදාවත් නැති කරගන්න එපා හරිද මැට්ටො '

.......................................................

නවකතාවක් වූ කවියක් වූ ප්‍රේමය සදා මතකයක් වේ .

ලයාන්විතය වූ ප්‍රෙමාදරය
සසල වූ කවියක් වෙනම්
ඇය එහි පද පෙලියයි
ඔහු එහි තනුවයි

ලියු රචකයා
දෛවය නම් ඔවුන්
වන අතර
කවිය රස විදින අප
නවකතාවක පාඨකයන් වෙයි

අවසානය කුමක් වුවත්
ලෙස අවසන් ස්වරයෙහි පදය වුවත්
ජිවිත රසාස්වාදය
මතකයක් ලෙස ඔහු හා ඇයගෙ
හදවතෙහි සදා තැන්වත්
වනු නොවනුමානය .
                               

Happy new year . ඔන්න මගෙන් අවුරුදු තැග්ග 😌 .

NethulNanvidu  🙂 නිකන් mention  කලේ .

Dear love (Complete)Where stories live. Discover now