Dear love 5

24 4 5
                                    

අදට හරියටම අවුරුදු දහයක් ඔයා මාව දලා ගිහින් .
මාත් එක්ක තරහාද අවුරුදු 2ක් බලන්නෙ අවේ නැති එකට .
මට සමාවෙන්න මැනික මට ඔයාගෙ ඉල්ලිම ඉශ්ට කරන්න යන්න උනා . මෙ බලන්න මන් ඔයා කියපු විදියට මගේ හින්යට ගියා . අද මන් software engineer  කෙනෙක් .
මන් දන්නවා අද ඔයා හිටියානම් ඔයා තමයි වැඩියෙන්ම සතුටු වෙන්නෙ කියලා .
අද ඔයාත් හිටියනම් cute doctor  කෙනෙක් වෙලා ඉදිවි නෙද
එහෙනම් මන් නිතරම ලෙඩ වෙනවා මෙ cute දොස්තර නොනාගෙන් බෙහෙත් ගන්න නෙමෙයි බෙහෙත් ගන්නවා වගෙ ඇවිල්ලා ඔය කොලම් බලන්න .

දන්නවද අපෙ යලුවෝ ඔක්කොම marry කරලා . දැන් උන්ට ලමයිනුත් ඉන්නවා . එත් අපි තාමත් එතනයි .
කාලය වේගයෙන් මටවත් ඔයාටවත් දැනෙන්නේම නැතුව ගිහිල්ලා .
මම තාමත් ඔයා එනකන් ගං ඉවුරක බලන් ඉන්නවා වගෙ .
ඇත්ත . මන් තාමත් බලාගෙන ඉන්නෙ ඔයා වෙනකන් .

ඔයාට දිපු මගෙ හදවත තව කෙනෙකුට දෙන්නෙ කොහොමද . අඩුම ගානෙ එක මන් ලගවත් නැහැ . මොකද මැනික ඔයා යනකොට එක මට දෙන්නෙ නැතුව අරන් ගියා .

හ්ම්ම්. මන් කියවනවා වැඩියි වගේද , කමක් නැහැ ඉස්සර ඔයානෙ කොච්චිය වගෙ කියවන්නෙ එත් දැන් ඔයා නැහැ නෙ. එක නිසා මන් කියවනවා එකගයිද ?

මට තාමත් ඒ දවස හිතා  ගන්න බැහැ එක නපුරු හීනයක් වගේ. මන් දන්නවා එක හීනයක් නෙමෙයි කියලා එහෙනම් ඔයා මාත් එකක් ඉන්න එපැයි . අහ් sorry  මන් දන්නවා මට පෙනුනෙ නැති උනාත් අහුනෙ නැති උනාත් ඔයා ඉන්නවා කියලා.

දන්නවද ඇත්තම ආදරයකට කවදාවත් තමන්ගෙ ආදරවන්තියව තනි කරන්න බැහැ .
ඔයා දන්නවා එත් ඔයා දන්නෙ මොනවාද ,
ඔයා දන්නෙ මන් ඔයා වෙනුවෙන් අවුරුදු 3ක් බලන් හිටපු එක විතරයිනෙ නැහැ මැනික මන් ඔයා වෙනුවෙන් ගොඩාක් කල් බලන් හිටියා . ඉස්සරත් ඉස්සරහටත් එහෙමයි .

අයියො මන් ඔයාට කියන්න ආපු වැදගත්ම කාරණෙ අමතක උනානෙ. මන් ඉස්සර වගේම හැම වැදගත් දෙයක්ම අමතක කරනවා නෙද

මෙ බලන්නකො මන් අපි දෙන්නාට ring 2k හැදුවා .  ඔයා ආසම විදියට හැදුවේ . වැඩිය ලොකු ලොකු design වලට ඔයා කැමතිත් නැහැ නෙ . ඔයා ආසම විදියෙ cherryblasroom design එකක් දැම්මෙ . කැමතිද ,
මන් දන්නවා මන් මාවම රවට්ට ගන්නවා කියලා .
මට සමාවෙන්න . මම කැමතියි මෙ රැවටිම ඇතුලෙම ජිවත් වෙන්න . ඒ රැවටීම ඇතුලෙ විතරයි මගෙ සැනසිම තියෙන්නෙ .ඉතින් ඒ සැනසීම හොයන එක වැරදීද

එහෙනම් මැනික වෙනවාද මගෙ රැජින කැමතිද , අකමැති උනාත් ඔයා මගේම විතරයි හරිද . පිස්සු කෙල්ල දැන් ඔය මුන රතු කරගන්න එපා හරිද

එහෙනම් මට හැමදාම ඔයා ලග ඉන්න දෙනවද ,ඔයාගෙ අයිතිය දෙනවාද

එහෙනම් අයිතිය දුන්නා නෙද ,

ඔයාට සිතලයිද පලුයිද අද ඒ ඔක්කොම නැති වෙයි මොකද මන් ඔයාව දලා කොහෙවත්ම යන්නෙ නැහැ හරිද ,

-S.Bhagya





Dear love (Complete)Where stories live. Discover now