Dear love 4

16 4 3
                                    

ආදරේ මොනවාගෙද
මට ඒ ගැන කිසිම අදහසක් නැහැ
මන් දන්නෙ මෙච්චරයි ආදරේදි හරි තෙරීම කරන්න බැරි උනොත් අන්තිමට එක පසු තැවීමක් කියලා මට තෙරෙනකොට මම පරක්කු වැඩියි.

දෛවයෙ හිමි වීම ලියලා නැත්නම් එකිනෙකාට ආදරය උනාහාම වැඩක් තියෙයි .

එත් ආදරවන්තයො දෛවයවත් ආදරයවත් විස්වාස කරාවිද

මට තෙරෙන විදියට ආදරය කියන්නෙ නිර්වචන කරන්න බැරි හැගිමක් . අපිට කොහොමද ආදරෙ ඇති වෙන්නෙ කියලා තාමත් මන් හොයනවා . ඒ කවුරු නිසා ...
නොදන්න ආගන්තුකයෙක්ට ආදරය ඇති වෙන්නෙ කොහොමද ,
ඇයි ඒ ?
විස්වාස කරන්නෙ කොහොමද ?
ඇයි හැම ආදරයක්ම පිවිතුරුනම් ආදරවන්තයො තනි වෙන්නෙ ?
අපිට වඩා වෙනස් කෙනෙක් එක්ක ජිවිතෙ කොහොමද බෙදා ගන්නෙ ?
ඇයි මම ඔයාට ආදරෙ කරන්නෙ , ඇයි ඔයා මටම ආදරෙ කරන්නෙ ?

ආදරය කියන්නෙ ජිවිතෙ කියන ආද්‍යාපන කාලය තුළ හම්බෙන්න අමාරුම ප්‍රශ්න පත්තරක් . හැබයි හැමොටම එක ලෙසියි . එත් 100%ගත්තෙ නැති උනොත් fail වෙන විභාගයක් .. එක මොන කාලෙදි හම්බෙයිද කියලා කියන්න බැරි paper යක් කිසිම දෙයක් නොදැන ලියන paper යක් . එකෙන් pass වෙන්නෙත් 0.001% වගෙ පිරිසක් විතරයි .
එත් හැමොම කැමති හෝ අකැමැති උනත් එක අනිවාර්යයෙන්ම ලියන්න වෙනවා . එවගේම එකෙ result  එක ජිවිත කාලෙම විදින්නත් වෙනවා .

සමහරු රහසේන් තමන්ගෙ හිත හොරා ගත්ත කෙනාට ආදරෙ කරනවා , සමහරු රන්ඩු වෙවි ආදරෙ කරනවා , සමහරු එක විදිනවා තවත් සමහරු විදවනවා සමහරු බොරුවට විනොදයට කරනවා තවත් අය ඇත්තට කරනවා .

ආදරෙදි පදනම වෙන්නෙ විස්වාසයයි .

නොගැලපිම් ගැලපිම කරගන්න එකයි .

ආදරෙ ගැන ආත්දැකිමක් නැති මට එක විස්තර කරන්නෙ කොහොමද
මේ  මම දකින විදිය .

සමහර ආදරකතා යාලුකමෙන් පටන් ගන්නවා , සමහර එවා වෛරයෙන් පටන් ගන්නවා තවත් සමහර එවා හිතන්නෙවත් නැතුව පටන් ගන්නවා .

අරක්ශා කරනවා , ආදරය කරනවා , විස්වාස කරනවා මෙ හැමදේම කරනවා .

මම දකින විදියටනම් ආත්මාර්ථකාමීව ආදරය කරන්න බැහැ .එතන සාර්ථකත්වයක් නැහැ .
ඇත්තටම ආදරෙ කියන්නෙ පරාර්ථකාමි වෙලා යන්න දෙන එකටද

ආදරේනම් මුලින්ම ආදරය කරන කෙනාට සවන් දෙන්න ඔනෙ , නොකිව්වත් එයාගෙ හැගිම් තෙරුන් ගන්න ඔනෙ , විස්වාස නොබදින්න ඔනෙ , තමන්ගෙන් පවා අරක්ශා කරන්න ඔනෙ , හැගිම් බෙදා ගන්න ඔනෙ , දුක සතුට බෙදා ගන්න ඔනෙ අන්න එතනයි ආදරය සංකල්පය එන්නෙ .

ජිවිතේ මැද්දෙන් එන කෙනෙකුට අපෙ ජිවිතෙ ආදිපත්‍යය පතුරුවලා තමන්ගෙ අයිතිය නශ්‍ය වෙන්න ඉඩ දෙන්න එපා ..

අත්දැකීම් නැත්ත සමාජයෙන් පාඩම ඉගෙන ගෙන හරියට paper එක ලියන්න .





-S.Bhagya

Dear love (Complete)Where stories live. Discover now