Dark Painting 💖🖤 05

495 92 39
                                    

බොස්......ඩොක්ටර් භූමිථ්.....

ඔක්කොටොම හපන් සෙක්සී......

ඊටත් වඩා සල්ලාලයෙක් දොස්තරයෙක් කියද්දී.......

මම තාමත් හිටියේ මේ දොස්තර සල්ලාලයාගේ අත් දෙක උඩ වෙද්දී ඔපරේශන් තියටර් එක ඇතුලේ ඉදන් ආව ඩොක්ටර් ඉස්සරහම මට සෙක්සී කියලා කතා කරපු එකා මගේ කොපුල් දිගේ රූටන කදුලු ඒ ඇගිලි වලින් පිහිදලා ඩොක්ටර් දිහා බලද්දී මම ඒ තුරුලෙන් එහාට වෙන්න ගියත් ඒකෙන් උනේම ඒ අත් මගේ ඉන වටේ තව තව තද වෙන එක විතරක්ම වෙද්දී බැරිම තැන මම ඕහේ හිටියා..........

ඔහේ හිටියා නෙවෙයී මට ඉන්න වුනා.මොකද මගේ දරුවාගේ තත්වෙ එක්ක මට මහන්සී ......මගේ හිතට මහන්සී .....කොහොමත් මෙහෙම මට මාව වත්තන් කරන් ඉන්න මේ සල්ලාල ඩොක්ටර් එක්ක හැරෙන්න පෙරලෙන්නවත් ඒ ඇගේ හයිය එක්ක එහෙමෙහෙ වෙන්නවත්  බැරි වෙද්දී මම ඇස් කෙවෙනි වහගත්තා.......

සැර පර්ෆියුම් සුවද මගේ නාස් පුඩු තෙමාගෙන පල්ලම් බහිද්දි බෙල්ල ලගට විතර වැවිලා තිබ්බ කොන්ඩෙන් ආව ෂැම්පු සුවදට මගේ ඇස් නිලංකාර වෙන්න වගේ ආවත් ඇහුනු කටහඩ එක්ක මගේ පිට කොන්ද දිගේ හිරියක් ගියා.......

"ඩොක්‍ඩර් දිවේන් කතාකරන්න....."

"සර් අපිට බ්ලඩ් ඕනේ කරනවා.....එමර්ජන්සී ඇක්සිඩන්ට් එකක්........."

"වයස....බ්ල්ඩ් ගෲප් එක......."

"අවුරුදු හතරහමාරයි......O+  බ්ල්ඩ් ගෲප් එක........."

එයා මාවත් වත්තන් කරගෙන සීතල  ටයිල් පොලොවේ ඉදගෙන අර ඉස්සරහ හිටගෙන උන්නු ඩොක්ටර් එක්ක කතා කරා වගේම ඒ ගැබුරු තද සැර කටහඩ ඊතල පාරවල් වගේ තෙතමනයක් නැතුව අහන්න තියන දේ කෙලින්ම අහද්දී ඒ කිසිම වචනයක් පැටලෙන්නවත්....මගින් කැඩෙන්නවත් .....ගොත ගැහෙන්නවත් හිතුවේවත් නැති වෙද්දී මුලින්ම කේස් එක ගැන අහපු සල්ලාල දොස්තර ඊලගට දරුවගේ වයස එක්ක බ්ලඩ් ගෲප් එක ගැන අහද්දී මම ඒ තුරුලු ඉදන්ම ඇහෙන නෑගෙන ගානට උත්තර දෙද්දී එයා එයාට ඇහුනේ නෑ කියන්න වගේ තව චූට්ටක් මගෙ දෙතොල් ලගට ඒ සවන් ලං කරද්දී ඒ උනුහුම් හුස්ම මගේ කොපුලකට දැනුනා වගේම මම මගේ මූන එහාට කර ගත්තා..........

Dark Painting Where stories live. Discover now