Dark Painting 💖🖤 12

462 94 92
                                    


"අප්පතියේ නමුකෝ......නමුකෝ....අක්කියයී මල්ලියයී එක්ක නමුකෝ.....ගෙදල......."

"අප්පුත්තියේ අක්කී කීනානේ.....නමුකෝ.....අක්කී කීන නිතා නමුකෝ...එන්නකූ.....අම්මියේ...එන්න කින්නකූ....අප්පුත්තියට....මගෙ අප්පුත්තියට....එන්න කීන්නකූ......"

මම කොල්ලගේ අන්තිම ඇදුමත් නවලා බෑග් එකට දාලා වතුර බෝතලේ මූඩිය තද කරන ගමන් හැරිලා ඒ තුන් දෙනා දිහා බැලුවා......

දැන් පැය භාගෙක විතර ඉදලා මේක මෙහෙමයී.......

සලෙලූ දොස්තර මහත්තයාව මැදි කරගෙන මගේ කොල්ලයී කෙල්ලයී තොරතෝංචියක් නැතුව කියවනවා..........

මගේ කෙල්ල  කියනවා "අප්පත්තියේ ගෙදල නමු" කියලා......

ඒක අහගෙන ඉදලා  ඔලුව හොල්ල හොල්ල මගේ කොල්ලා කියනවා...... "අප්පුත්තියේ අක්කී කීන නිතා නමුකෝ " කියලා.....

මේ ඔක්කොම අහගෙන ඉන්න සලෙලූ දොස්තර මහත්තයට කොල්ලටයී කෙල්ලටයී දෙන්න උත්තර නැතුව තිබ්බ වගේම  එයාව ඇදේ ඉන්දවගෙන කියවන කොල්ලයි කෙල්ලයි දිහා  බය වෙලා වගේ කෙලත් ගිලින ගමන්  බෙල්ල දෙපැත්තට මාරුවෙන් මාරුවට  හරවලා බලලාම හොද පණ ගිහින් තිබුනා......

ආව වෙලේ ඉදාන්ම දෙන්න එක්ක කරේම මේක

කොල්ලාව කියවද්දී කෙල්ල නවත්තනවා.....

ආයෙම කෙල්ල කියවද්දී කොල්ලා නවත්තනවා...

මැදට වෙලා සලෙලූ දොස්තර මහත්තයා දීගන්න උත්තර නැතුව දහ අතේ කල්පනා කරනවා.......

හොරා ගානක් අක්කා මලෝ හෝ ගෑවිල්ලේ  කරේම එකම තැටිය කරකවපු එක  වෙද්දී මගේ කන් දෙක ගොඩ වෙන්න ඔන්න මෙන්න තිබුනා........උනත් මගේ මූනට හිනාවක් ආවා.......

ඒත්.....එදා......

දැන් හිනා වෙලා  මගේ කොල්ලයි කෙල්ලයි  මැදට වෙලා ඒ දෙන්නව තුරුලු කරගෙන ඉන්න ඒ රූපේ එක්ක මට එදා රෑ ආයෙම මතක් උනා......

හරි අමාරුවෙන් අමතක කරලා දාන්න නොසෑහෙන්න උත්සහ කරත් අමතක කරලාම දාන්න තවමත් බැරි වුනූ එදා......

එදා ගොම්මනේ........

මේ සලෙලූ දොස්තර මහත්තයා වෙනස්ම කෙනෙක් වෙලා උන්නු දා...........

Dark Painting Where stories live. Discover now