09

391 93 14
                                    

Third person POV

 

  ටේහ්‍යුන්ග් ඇහැරුනෙ ඇගට අමාරුවෙන් . ඒත් ටේහ්‍යුන්ග් ඉස්කොලෙ යන්න තීරණය කරා. එයා නිදාගත්තෙ පැය දෙකක් හෝ ඊටත් අඩුවෙන්. ටේහ්‍යුන්ග් පාන්දර 4.30 වෙනකන් පාඩම් කරා. දැන් උදේ 6 යි. එයා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවා.

  අදත් ටේහ්‍යුන්ග් ඇන්දෙ t-shirt එකක් එක්ක කලු පාට skinny jeans එකක් විතරයි . මොකද වෙන අදින්න තිබ්බෙ නැති නැති නිසා. එයා ගෙදරින් එළියට අඩිය තියනකොටම සීතල හුලග මූනෙ වැදුණා.

  ටේහ්‍යුන්ග් පැක් එකේ ගේට් එක ලගට ඇවිදන් ගියා . එයා දැක්කා ආයෙත් එයා එනකන් ගේට් එක ලගට වෙලා බලන් ඉන්න හයදෙනාව.

  ටේහ්‍යුන්ග් එයාල ලගට ඇවිදන් ගිහින් එයාල ඉස්සරහින් හිට ගත්තෙ ඉස්කෝලෙට යන්න.

  " ඔයා හොදින්ද ටේහ්‍යුන්ග් ? ඔයාගෙ මුලු මූණම රතුයි. "
     හෝසොක් ඇහුවේ ප්‍රශ්නාර්ත බැල්මෙන්.

  " මම හොදින් . ඒ කාලගුනේ නිසා "
      ටේහ්‍යුන්ග් කිව්වෙ අනිත් අයට ටිකක් පිටිපස්සෙන් කැලෑව ඇතුලෙන් ඇවිදන් යන ගමන්.

  එයාල ඉස්කෝලෙට ආවා. ජිමින් ටිකක් බය වෙලා එයා gay කියල ගුටි කන්න බුලී වෙන්න වෙයි කියලා මොකද එයා හැම රෑන්ක් එකකටම වඩා වීක් මේල් ඔමේගා කෙනෙක්,  එයාට ෆයිට් කරත් වැඩි ඩැමේජ් එකක් කරන්න බෑ.

  ටේහ්‍යුන්ග් දන්නව ,ජිමින් gay සහ එයා මේල් ඔමේගා කෙනෙක් කියන්න , ඉතින් එයා හිතා ගත්තා එයාගෙ හ්‍යුන්ග්ව ආරක්ශා කරන්න.

  මේ හත් දෙනාට එකට තමා ෆස්ට් පීරිඔඩ් එක තිබ්බෙ . ටේහ්‍යුන්ග් තමා මුලින්ම ක්ලාස් රූම් එකට ඇතුලු උනේ . එයාල ටේහ්‍යුන්ග්ව දැක්ක මොහොතෙම ටේහ්‍යුන්ග්ව සීතල වතුර එකකින් නෑවිලා ගියා.

  " slut , හොදට නාගන්න ඇති කියල හිතනව ."
         බකට් එක අතේ තිබ්බ කෙනා කිව්වත් එක්කම මුලු පන්තියම හිනා වෙන්න ගත්තා.

  ටේහ්‍යුන්ග් හිටියේ ක්9හොමත් සීතලෙන් , ක්ලාස් රූම් එකට ඇතුලු වෙන්නත් කලින් ඉදන්ම. ඉතින් දැන් ටේහ්‍යුන්ග් ෆ්‍රීස් වෙනවා . එයාගෙ තොල් දම් පාටට හැරුනෙ සීතලට . ටේහ්‍යුන්ග් උපරිමෙන් උත්සාහ කරනවා වෙව්ලන්නෙ නැතුව ඉන්න .

Alpha's mate || Taekook || ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿWhere stories live. Discover now