CH 01 ☠️

374 39 47
                                    

- විසි දෙවන සියවසේ අඟ භාගය -

එය විශ්ව විද්‍යාලයේ තුන්වන වර්ෂයේ අවසාන දිනයයි.. අවසානයේ සීත ඍතුව සදහා නිවාඩු කාලය පැමිණියා.. මුළු විශ්ව විද්‍යාලයේ ම ගොඩනැගිලි මතට පුංචි පුංචි හිම පියලි පතිත වීමට පටන් අරන් තිබුණා.. විශ්ව විද්‍යාලයේ පුස්ථකාලයේ සිට ජියෝන් ජන්ග්කුක් හිමින් හිමින් පිටව යන ගේට්ටුව දෙසට ප්‍රධාන කොරිඩෝව දිගේ ඇවිද ආවා.. නොයෙකුත් දේශන ශාලා පසු කරමින් ජන්ග්කුක් බිමට පතිත වෙන හිම පියලි දෙස බලමින් හිමින් හිමින් අවිද ගියා..

🐰 ලස්සනයි.. සීත ඍතුව තමා ලස්සනම 🐰

ජන්ග්කුක් අත් දෙක එකිනෙකට ගුලි කරමින් උණුසුම් වුණා.. සීතලට ජන්ග්කුක් ගේ කන්පෙති රෝස පාට වෙලා තිබුණා.. තොල් සුදුමැලි වෙලා වේලිලා ගිහින් තිබුණා.. කම්මුල් රතු පාට වෙලා තිබුණා.. බාහිරින් කඩින් කඩ කොරිඩෝව දිගේ හමාගෙන යන සීත සුළඟ ජන්ග්කුක් ගේ ගතෙහි තැනින් තැන හිරිගඬු ඇවිස්සීමට සමත් වුණා..

---

තේහ්‍යුන්ග් ගැඹුරු සුසුමක් ගෙන එය ගැඹුරින්ම පහතට හෙලුවා.. දේශන ශාලාවෙන් සෙසු අය සමඟ ඔහුගේ පොත් පත් අසුරාගත්තත් දේශන ශාලාවෙන් පිටව ගිය අවසන් පුද්ගලයා වූයේ ඔහුයි.. තේහ්‍යුන්ග් කොරිඩෝව දිගේ හිමින් හිමින් ගමන් කලේ සෙසු අය ගැන අවධානයක් නොදීමයි.. ඔහුට පසු පසින් යුන්ගි, නම්ජුන් සුපුරුදු ලෙස ඇවිදගෙන ආවා.. කොළ පැහැ කලිසමට ලා කහ පැහැති විශාල ශර්ට් එකක් ඇද සිටින ඔහු විශ්ව විද්‍යාලයේ කඩවසම්ම පිරිමි ළමයා යැයි කීම අහම්බයක් නොවෙයි.. ගැඹුරු ඇස් දෙක, පිරුණු තොල්, දිගු ඇඟිලි, හැඩිදැඩි බාහු, තේහ්‍යුන්ග් ගෙ කඩවසම් බව මනාව කියා පෑවා..

කොරිඩෝවේ යන අතරමගදී තේහ්‍යුන්ග් ට හමුවුණේ ඔහුට හුරුපුරුදු මුහුණකුයි.. උද්‍යෝගිමත්ව නිවෙස් වලට යන ළමයි අතර කොරිඩෝව දිගේ ජන්ග්කුක් මලානිකව ඇවිද ආවා.. තේහ්‍යුන්ග් ට කට කොණින් සිනහා නැඟුණේ පුරා වසර තුනක්ම තමන් විසින් කියන ඕනිම දෙයක් සිදු කල එකම පිරිමි ළමයා ජන්ග්කුක් නිසායි..

ජන්ග්කුක් අහිංසක ගතිපැවතුම් තියන නිහතමානී චරිතයක් වුණා.. කළු ඩෙනිමට නිල් පැහැ ශර්ට් එකත්, ඊට උඩින් ඇදි සුදු පැහැ ස්විටර් එකත් ජන්ග්කුක් ගේ පෙනුම විචිත්‍රවත් කලා.. මැණික් කැට දෙකක් ඇස් වලට සවි කලා සේ පැහැදිලි දීප්තියක් එක්ක හැමදාම වගේ ජන්ග්කුක් ගේ ඇස් දිලිසුණා.. ඒ ඇස් කොයි මොහොතෙත් බිමට නැඹුරු වී තිබුණා.. ඒ ඇස් වලින් හැමදාම වගේ යටත් වන ස්වභාවය තේහ්‍යුන්ග් හදුනාගත්තා..

LIES ☠️⏩Where stories live. Discover now