CH 04 ☠️

126 23 8
                                    

🚫 Avoid reading at night for those who are afraid of the slightest thing 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🚫 Avoid reading at night for those who are afraid of the slightest thing 🚫



> CH 04 <


ලා හිරු කිරණ තණ පියලි මතට පතිත වුණා.. හිම පියලි හිරු එළියට දිස්නේ දුන්නා...එය ඇතැම් ස්ථාන වලින් දේදුනු පැහැය ඇති කලා... අධික මීදුමෙන් මුළු පරිසරයම වැසී ගොසින් තිබුණා.. ජනෙල් කවුලුවෙන් වැටුණු හිරු එළිය නිසා තේහ්‍යුන්ග් හිරි අරිමින් දෑස් විවර කලා.. ජනෙල් කවුළුව ළඟම ඇදේ නිදා සිටින ජන්ග්කුක් තවමත් සුව නින්දක සිටියා.. කකුල් එකිනෙක ගුලි කරගෙන ජන්ග්කුක් අහිංසක ලෙස ඇදේ වැතිර සිටියා..

තේහ්‍යුන්ග් දුරකථනය අතට ගෙන වෙලාව බැලුවා.. උදෑසන හතට ආසන්නව තිබුණා.. ඔවුන්ගේ උදෑසන ආහාරය උදෑසන 8 ට ඔවුන්ට ලැබීමට නියමිතව තිබුණා.. තේහ්‍යුන්ග් ඇදෙන් නැඟිට නානකාමර තිබෙන ස්ථානයට යාමට පිටත් වුණා.. තුවායත්, දත් බුරුසුවත්, අතැතිව තේහ්‍යුන්ග් කාමරයෙන් එළියට ගියා..

---

කොරිඩෝව දිගේ නානකාමර දෙසට ඇවිද යන තේහ්‍යුන්ග් ට ලොකු අමුත්තක් දැනුණා.. උදෑසන ජන්ග්කුක්ගේ සිදුවීම, ඊට අමතරව වුණ අමුතු අමුතු දේවල් එක්ක තේහ්‍යුන්ග් ගේ හිත මදක් තිගැස්සී තිබුණා.. ඒත් තේහ්‍යුන්ග් ට තවමත් බෝගම් ව හමුවීමට ලොකු උවමනාවක් තිබුණා.. තේහ්‍යුන්ග් ඒ නිසාම ඉක්මනින්ම පිරිසිදු වී ඔහුව මුණ ගැසීමට යාමට තීරණය කලා.. ඔහු නානකාරමයේ දොර විවර කලා..

කවුරු නෑ.. කවුරුත්ම නෑ.. එය හරිම ගුප්තයි.. විශ්වාස කල නොහැකියි.. කවුරුත්ම නොමැති වීම පුදුමයක්.. තේහ්‍යුන්ග් නානකාමරයේ කරාමය ඉදිරියෙන් සිට ගත්තා.. මුහුණ බලන වීදුරුව දිය සෙවෙල් බැදී ගරා වැටිලා තිබුණා.. සියල්ල ප්‍රතිසංස්කරණය කල සුපෝගභෝගී නිවාඩු නිකේතනයේ නානකාමරයේ මුහුණ බලන වීදුරුව ගරා වැටී ගොසින් තිබුණා.. එයත් එකම එක රැයකින්.. තේහ්‍යුන්ග් මතක් කලා.. මඟ දිගට අත්වැටේ බැදී තිබුණ දියසෙවෙල්.. ළමයිනේ ඝෝශාකාරී හඩවල් වල අතුරුදහන් වීම.. නානකාමරය තුල පවා කිසිවෙක් නොමැති වීම.. ඒ කිසි දෙයක් එකිනෙකට නොගැලපුණා..

LIES ☠️⏩Where stories live. Discover now