CH 08 ☠️

119 16 22
                                    

🚫 Avoid reading at night for those who are afraid of the slightest thing 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🚫 Avoid reading at night for those who are afraid of the slightest thing 🚫


> CH 08 <


වැඩි වෙලාවක් යන්න කලින් හෝසොක් ට සිහිය ආවා.. ඔහු හිස් කාමරයක වැතිර සිටියා.. ඒ කාමරේ ලී දොරෙහි විශාල ලේ පැල්ලමක් තැවරී තිබුණා.. කාමරය මධ්‍යයේ විශාල නලයක් දක්නට ලැබුණා.. බටයට ඉහලින් විශාල ලෝහ ටැංකියක් සවිකර එය වහලෙට සම්බන්ධ කර තිබුණා.. එයට පැරණි යන්ත්‍රයක්ද සවි කර තිබුණා..

ඒත් ඒ කුමක් සදහාද යන්න හෝසොක්ට තේරුමක් තිබුණේ නෑ.. ඒත් ඔහු අනුමාන කලා.. එය තමා ඔහුට ලැබෙන අභියෝගය, එහෙම නැත්නම් මේ විකාර සෙල්ලමේ ඩෙයාර් එක..

ඒත් එක්කම එකවරම අදුර මැදින් ජන්ග්කුක් ඇවිදන් එද්දි හෝසොක් බිත්තියට වාරු වුණා..

ඉතින් ඒ මමද.. ඊළඟ කෙනා මමද ?

හෝසොක් වෙව්ලමින් බලාගෙන සිටියා.. ජන්ග්කුක් හෝසොක් ළඟට ඇවිත් ඔහුව බදා ගත්තා..

" හැමදේම හොදින් වෙයි මිත්‍රයා.. ඔයාට තියෙන්නේ නීතිරීතී පිළිපදින්න විතරයි "

ජන්ග්කුක් හරිම අසාමාන්‍ය කටහඬකින් කියලා ඈත් වුණා.. ඒ එක්කම ලේ පැල්ලම සහිත දොර ඇරගෙන තේහ්‍යුන්ග් , ජිමින් ඇතුලට ආවා.. ඔවුන් තනිකර මෝහනය වී ඇතැයි හැඟෙන අන්දමට අමුතු ලෙස හැසිරුණා.. ඔවුන් වචනයක්වත් නොකියා හෝසොක් දිහා බලාගෙන හිටියා..

ජන්ග්කුක් කාමරේ දෙදරන්න හිනා වෙද්දි හෝසොක්ව ඇදිලා ගියා..

" කලබල වෙන්න එපා හෝසොක්.. ඔයාට මේක පුළුවන් "

LIES ☠️⏩On viuen les histories. Descobreix ara