CH 02 ☠️

122 26 21
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





> CH 02 <


බිමට ලී අල්ලපු කාමරයේ එකම පසින් ඇදවල් දෙකක් සහ, ඒ අතර කුඩා බෙඩ් ටේබල් එකක් දකින්නට තිබුණා.. තරමක් සුඛෝපභෝගී කාමරය තුල ජනෙල් කවුලුව එක් පසක ඇදට යාබදවත්, අනෙක් පස ඇදට යාබදව බිත්තියත් තිබුණා.. දෙදෙනෙකුට සිටිය හැකි යැයි හැගෙන ඉඩ ප්‍රමාණයක් දක්නට ලැබුණා..

ම්ම් ලොකු වරදක් නෑ වගේ.. අපි දෙන්නෙක්ට නම් ඉන්න ඉඩ ඇති වෙයි.. තුනක් කොහොමත්ම ඉන්න බෑ නේ හැබැයි.. "

තේහ්‍යුන්ග් ජන්ග්කුක් ට එහා පස බලමින් කියන්න වුණා..ජන්ග්කුක් ගේ ඉහෙන් කනෙන් දාඩිය දාන්න පටන් ගත්තා.. ජන්ග්කුක් සෙමින් හිස හරවා බැලුවා..

මොකද ජන්ග්කුක් ට විශ්වාසයක් තිබුණා තමන් ඇරෙන්නට අන් කිසිවෙක්ම තමන්ට පසුව කාමරයට ඇතුළු නොවූ බවට.. ඒත් තේහ්‍යුන්ග් කතා කරන්නේ කවුරු ගැනද.. ජන්ග්කුක් ට බයක් දැනුනා.. ඇඟට දැනෙන අමුතු සීතලත් එක්කම ජන්ග්කුක් හිමීට බැලුවා.. කවුරුත් ම නෑ.. ජන්ග්කුක් තේහ්‍යුන්ග් දෙස බැලුවා..

" අපෝ තමුසේ පොඩි එකෙක් වගේ හැම එකකටම අහු වෙනවනේ..."

තේහ්‍යුන්ග් මහා හයියෙන් හිනාවෙන්න වුණා.. ජන්ග්කුක් තේහ්‍යුන්ග් ට රව රවම බිත්තිය ළඟ ඇදෙන් බෑග් එක තිබ්බා.. හිමින් හිමින් වටපිටාවම අදුරු වෙමින් තිබුණා.. ජනෙල් කවුලුවෙන් එපිට අමුතු බයංකාර ගුප්ත බවකින් සෙමින් සෙමින් වෙලී යමින් තිබුණා.. ජන්ග්කුක් මොහොතක් එළිය බලාගෙන සිට, පසුව බඩු සියල්ලම ඇදට ඉදිරියේ ඇති එක් ලොකර් එකකට දැම්මා.. ජන්ග්කුක් සියලුම බඩු අසුරා ඉවර වන විට තේහ්‍යුන්ග් ඔහුගේ බඩු අසුරා කාමරයෙන් පිටව ගිහින් තිබුණා..

LIES ☠️⏩On viuen les histories. Descobreix ara