Part 7

200 33 5
                                    

ලීඩර් එහෙම කිව්වාම , මං ඒකට එකග වෙලා , ලීඩර්ටත් ඔලුව නමලා ආචාර කරලා මගේ යාලුවොත් එක්ක හොටෙල් එකෙන් පිටත් වෙන්න ලෑස්ති උනා .

මං යන වෙලාවෙත් taehyung මං දිහා ගැස්සිලා බලාගෙන ඉන්නවා , මං ඇස් කොනෙන් දැක්කා . ඒත් මං එයාව ගනං නොගෙන ගියේ , දැං එයත් එක්ක මුකුත් කතාකරන්න බැරි නිසා .

මොකද එයා ඒ තරමටම ගැස්සිලා . එයාව නොදැක්කා වගේ මං එතනින් පිටවෙලා ආවා .

මම එයාව පාස් කරනවාත් එක්කම , taehyung ගේ හිතේ ලියවුනේ මම එයාගේ මූන දිහා එකපාරක් හරි හැරිලා බලයි කියන සිතුවිල්ල .

ඒත් මං එයා දිහා බැලුවේ නැති උනාම , taehyungගේ මූන මැලවිලා යන විදිහ ඇස් කොනෙන් දැක්කා . ඒත් මොනා කරන්නද ?

....................................................................................

යාලුවන්වත් හොස්පිට්ල් එකකට දාලා මං කෙලින්ම ගියේ මාලිගාවට . යනකොට මං මගේ Fz එකත් අරං ගියේ .

ටිකක් කලින් නිදාගත්තේ මට හෙට උදේ පාන්දරින්ම යන්න වෙන නිසා . ඒත් නිදාගෙන ටික වෙලාවකින්ම මං ගැස්සිලා ඇහැරුනේ හීනයක් දැකලා .

ඒ හීනෙං මං දැක්කේ මේ මාලිගාවේ මං නොදැක්ක තැනක් . මට ඇති උනු සැකයට , හීනේ දැක්ක විදිහටම , ඒ පාරෙම ගියා .

පුදුමයි .. හීනෙන් දැක්ක හැමදේම ඇත්තටම එහෙමම තියෙනවා . අන්තිමටම මං නැවතුනේ හිස් , ලොකු බිත්තියක් ඉස්සරහා .

මං ඒ බිත්තියේ හැම තැනටම අත් තිය තියා බැලුවේ එතනින් රහස් දොරක්වත් ඇරෙනවාද කියලා බලන්න . ඒත් වැඩක් උනේ නෑ .

මං එහෙම්මම පිටිපස්සෙන් පිටිපස්සට ගියා , ආපහු කාමරේට යන්න . ඒත් නැවතත් මාව ඒ බිත්තිය දිහාවට නිකම්ම තල්ලු වෙලා යනවා වගේ මට දැනුනා .

මං ඇදගෙන හිටපු ලා නිල් පාට රෑ ඇදුම යටින් , මගේ අතේ තිබුනු ලාංඡනය නැවතත් දිලිසෙනවා මං දැක්කේ ඇස් කොනෙන් . ඒත් කලින් වගේ වේදනාවක් නම් දැනුනේ නෑ එතකොට .

මම රෑ ඇදුමේ අත උඩට උස්සලා පැත්‍ත හැරිලා බැලුවේ , මීට කලින් මට ඒ ලාංඡනය හරියට බලාගන්න බැරි උන නිසා .

⚠︎𝑇𝐻𝐸 𝑃𝑅𝐼𝑁𝐶𝐸 𝑂𝐹 𝐵𝐿𝑂𝑂𝐷⚠︎✔️Where stories live. Discover now