Part 15

124 31 2
                                    

Jungkook ගේ එහා පැත්තේ හිටපු taehyung කෑගගහ අඩන්න ගත්තා .

මකරු ඔහුගේ සිතේ බොරු වෛරයක් jungkook ගැන මැව්වත් මේ වෙද්දි ඔහුට හැම දෙයක්ම මතක් වෙලා තිබුනා . හැම දෙයක්ම සාමාන්‍ය අතට හැරිලා තිබුනා ඔහුටනම් .

" අනේ ... තාත්තේ ... ලීඩර් ... jimin ... බලන්නකෝ ඇයි එයා හුස්ම ගන්නෙ නැත්තේ කියලා .. ප්ලීස් .. මට ගො .. ගොඩක් බ .. බය හිතෙනවා .. අනේ තාත්තේ .. එයාව කොහොම හරි බේරගන්නකො ... මට ... මට එයා නැතුව ජීවත් වෙන්න බෑ දෙයියනේ ... ඕ .. ඔයාලා ගොඩක් මායාවන් දන්නවානේ .. අනේ එහෙම මායාවක් කරලා හරි එයාව ආපහු මට ගෙනත් දෙන්නකෝ ... අනේ .. මේ හැම දෙයක්ම මම හින්දානේ ... "

Taehyung අඩන්න ගත්තේ jungkook ගේ පපුව මත ඔලුව තියාගෙන . Taehyung ගේ කදුලු වලින් jungkook ඇදගෙන හිටපු ඇදුම සම්පූර්ණයෙන්ම තෙත් උනා .

.......................................................................................

" හ් ... මො .. මොකද්ද මේ මට උනේ ... "

Jungkookගේ තාත්තා ඔලුවත් අල්ලගෙන බිම දණ ගැහුවේ වෙච්ච දේවල් ඔහුට පැහැදිලි නැති නිසාත් ඔලුව ඇතුලේ දෙපාර්ශවයක් යුද්ධ කරනවා වගේ දැනුනු නිසාත් .

Jungkook ගේ මායාව හරි ගියා . ඔහුගේ තාත්තාට හැම දේම යලි මතක් උනා . ඔහු මුලින්ම හෙව්වේ තමාගේ ආදරණීය බිරිදව . නමුත් ඇය එතන හිටියේ නෑ .

පස්සෙ තමා ඔහුට jungkook ව මතක් උනේ . පිස්සුවෙන් වගේ වැටි වැටී jungkook ලගට දුවලා ගියපු , ඔහුගේ තාත්තා , jungkookගේ ඔලුව තමාගේ දෑතට ගත්තා . ඔහුව තමාගේ පපුවට තුරුලු කරගෙන අඩන්න පටන් ගත්තා .

ටික වෙලාවකින් jungkook ගේ කකුල් දෙකෙන් පටන් අරගෙන දණහිස් දක්වා කොටස සුදුපාට එලියක් විහිදුවමින් වාශ්පවෙලා ඉහල අහසට මුසු වෙන්න පටන් ගත්තා .

ඒක දැකපු jungkook ගේ තාත්තා ගොඩක් කලබල උනා . මොකද මේ වෙන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . Jungkookගේ ආත්මය විනාශ වෙනවා .

මෙච්චර වෙලා ඒකට ඔහුගේ ආත්මය සූදානම් උනා . මැරෙන්නේ නැතුව මරණයේ දොරටුවට ආපු නිසාත් , ඔහුගේ ආත්මය එහිදී මරණය භාරගත්තු නිසාත් , මැරුණු ආත්මයට යන්න තැනක් නැති නිසාත් , සොබාදහමේ නීතිය කඩ උනු නිසාත් , එයට ඔහුට දඩුවම වශයෙන් , සදහටම ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා .
ඔහුට නැවත ඉපදීමක් නෑ .

⚠︎𝑇𝐻𝐸 𝑃𝑅𝐼𝑁𝐶𝐸 𝑂𝐹 𝐵𝐿𝑂𝑂𝐷⚠︎✔️Where stories live. Discover now