Part 8

177 34 4
                                    

සෙබලුන්ගේ විවේකාගාරය කියන්නේ දිගට ගහපු ලොකූ කූඩාරමක් . ඒකේ එක පේලියට ඇදවල් දාලා තිබුනා .

එතන තිබුනු එක ඇදක් උඩින් මාව තියපු යුන්ගි වටපිට බලලා , සාක්කුවෙන් දිග , හීනි , කලුපාට බෝතලයක් අරගත්තා . ඒක ගොඩක් ලොකු නෑ . අපේ අල්ල තරම් ඇති . සාක්කුවේ දාගෙන යන්න පුලුවන් .

" මෙන්න .. මේක ගන්න .. මේක මට දුන්නේ කැප්ටන් ඔයාට දෙන්න කියලා .."

එහෙම කියපු යුන්ගි යන්න ගියා . බෝතලේ ඇරපු මට දැනුනු සුවදින් මගේ හිත විතරක් නෙමෙයි , මුලු ආත්මයම සතුට වැඩි කමට පිනිම් ගගහා උඩ පැන පැන නැටුවා .

මං කිසි ලෙසකවත් බලාපොරොත්තු උනෙ නෑ මෙහෙදී මට ලේ හම්බවෙයි කියලා . ඒත් දැං මට ෆ්‍රෙශ් පිටම ලේ හම්බවෙලා තියෙනවා .

" මොනා උනත් මෙච්චරමනේ තියෙන්නේ .. මේක පාවිච්චි කරනවා බලය නැති උනාම . නැත්තං ඉතින් සාමාන්‍ය කෑම කාලා තමා ඉන්න වෙන්නේ ..... "

මං මටම කියාගත්තා . බෝතලෙන් බාගයක් විතර බීලා , ආපහු මගේ බලය රිකවර් වෙනකම් පොඩ්ඩක් විවේක ගත්‍තා . ආපහු මට ඇහැරුනේ රෑ කෑම වෙලාවට .

පුදුමයි හමුදාවෙ වෙලත් මං පැය ගානක් නිදාගත්තා . මොකද හමුදාව කියන්නේ නීති තද තැනක්නේ .

මේ ගැන කැප්ටන්ගේන් අහනවා කියලා හිතාගෙන ඇදෙන් බැහැලා ලෑස්තිවෙලා කෑම කන තැනට ගියා . රෑ වෙලා නිසා ලොකු රස්නයක් තිබ්බෙ නෑ .

ඒ නිසා ඇගේ තිබුනු වැඩිපුර ඇදුම් සේරම ගලවලා පැත්තකින් තියලා තමා මං ගියේ .

මාව දැකපු හැමකෙනෙක්ම වගේ මං දිහා අමුතු විදිහට බැලුවා . මට මොකෝ කියලා මාත් ගියා කැප්ටන් ලගට .

මාව දැකපු කැප්ටන් , පණුවෝ කාපු දත් තිස් දෙකම එලියට දාලා මල් 7 සුපිරි හිනාවක් දැම්මා . දත් පණුවෝ කාලා කිව්වේ කතාවට හොදේ . මට එයා ලග තිබුනු පුටුව පෙන්නලා ඒකේ ඉදගන්න කියලා අතින් කිව්වා .

මම කැප්ටන්ගේ අනිත් පැත්තෙන් ඉදගත්තාම මටත් කෑම පිගානක් දුන්නා . අපි කෑම ගන්න ගමන් ඉද්දි කැප්ටන් මගේ කනට කරලා ..

" මං දන්නවා ඔයාට මේ රස්නෙත් එක්ක හරිම අමාරුයි කියලා . මම ඔයා වෙනුවෙන්ම මෙහෙ තියෙන හොස්පිට්ල් එකකින් ලේ ගෙන්නන්නම් . මට ඒක කරන්න පුලුවන් . බයවෙන්න එපා ඒ ගැන .... "

⚠︎𝑇𝐻𝐸 𝑃𝑅𝐼𝑁𝐶𝐸 𝑂𝐹 𝐵𝐿𝑂𝑂𝐷⚠︎✔️Where stories live. Discover now