Chapter 03

388 35 5
                                    



Yumi:-"ජිමින් ......."

Jimin:"තමුන් කො..හොමද මාව..දන්නෙ"

ජිමින්ට යුමිව බොද වෙලා පෙනුන නිසා තාම හරියට අදුරගන්න බැහැ.

Yumi:-"ගොඩ් ඔයාට ගොඩක් අමාරුයිද..මන් කුකි ඔප්පට කිව්වා ඊයෙ අමාරු උනොත් කියන්න කියලා.ඔයා කොහොමද අද වෙනකන් හිටියෙ.අනෙ සමාවෙන්න..මන් හි..න්.දා ."

යුමිගෙ ජිමින්ගෙ අතත් අල්ලගෙන එකදිගට කියවන ගමන් හොදටම අඩනවා.
කුකි මේ දිහා බලන් හිටියේ confused වෙලා.ඊයේ දැකපු කෙල්ල දැන් ජිමින්ට බෙහෙත් කරනවා.

Jk-: "ඔයා මොකද මෙතන කරන්නේ ..ඔයා කොහොමද ආවේ මෙතනට.. ඔයා අපිව fallow කරනවාද???

ජන්කුක් ඉක්මනට ඇවිත් යුමිව ජිමින්ගෙන් ඇත් කරා.

Yumi:- "අනි ඔප්පා මන් මේ හොස්පිටල් එක්කේ ට්‍රේනින් වෙන නර්ස් කෙනෙක් . doctor jin යටතේ ඉන්නේ"

Jimin:-" තමුන්ලා මොක්කු උනත් කමක් නෑ මට බෙහෙත් දාලා ඉවර නම් අර ජින් කියපු බෙහෙත inject කරනවා!!! ......ආයිශ්"

එන්න එන්නම ජිමින්ගෙ කැරකිල්ල ගතිය වැඩි වෙන්න ගත්තා.ඒ මදිවට ජන්කුක් යුමි එක්ක වාද කරනවා..අනික මෙතන ඉන්නේ ඊයෙ හිටපු කෙල්ලමයි කියලා ජන්කුක් ගෙ කතාවෙන් ජිමින්ට තේරුම් ගියා...

ජිමින්ට ඊර්ෂ්‍යාව එක්කම තරහක් දැනෙන්න ගත්තා..ඒ හින්දම ජන්කුක්වයි යුමීවයි දෙන්නවම උඩ යන්න තරම් සද්දෙන් කෑගහලා ජිමින් තමන්ගෙ පැත්තට අවධානෙ ගත්තා..ඒත් ඇයි ඉරිසියා හිතෙන්නෙ...

Yumi:- " අනෙ මට සමාවෙන්න ඉන්න මන් ඉන්ජෙක්ට් කරන්නම්"

ජිමින්ගෙ සද්දෙට බය උන යුමී දෙකට තුනට නැමිලා ජිමින්ගෙන් සමාවගත්තත් ජන්කුක් නම් ඇස් රෝල් කරලා 'ජබර කලන්තෙ හැදුනත් මුගෙ ගෑස් බහින්නෑ' කියල හිතින් ජිමින්ට හොදවයින් බැන්නා.

Jimin:- " තමුන් ඊයේ ඉදන් සමාවෙන්න සමාවෙන්න ගාලා මට දැන් සමාවෙන්න කියන වචනෙත් එපා වෙලා තියෙන්නේ. ඉක්මනට ඔක කරනවා!!"

Jk:-"යායායා කෑගහන්නෙ මොකද යකො..අපෙ කන් ඇහෙනවා"

ජන්කුක් ජිමින්ට රවලා කනට ඇගිල්ලකුත් ගහගෙන් ආයෙත් ගිහින් ජින්ගෙ පුටුවෙන්ම වාඩි උනා.යුමී ජන්කුක් ඉදන් ඉන්න දිහා ඇස් ලොකු කරන් බලන් ඉදලා ආයෙත් ජිමින් පැත්තට හැරිලා ජින් කියපු බෙහෙත් එක අරගෙන ජිමින්ගෙ අහට ගහල තියන සේලයින් එකට inject කරා.

The number 13 🔞Where stories live. Discover now