01- ඔබෙන් සමුගනිමි

20 5 0
                                    

"2022/06/10

ආදරණීය සහස් ,

මේ මාගේ අවසාන ලිපිය වනවාට සැක නැත. ඔබ මේ ලිපිය කියවන විට මම වෙනකෙකුගේ අත ගෙන තිබේ. ඔබ සමග මෙතරම් කාලයක් ගෙවූ ඒ සුන්දර කාලය අදින් අවසන් කරදැමීම සිතට වේදනා ගෙන දෙන්නක් වුවත් මාගේ පවුලේ සිටින එකම දරුවා ලෙස මට මාගේ වගකීම් පැහැර හැරිය නොහැක. කිසිදා දැක නොමැති ඔබේ සුන්දර මුව දැක ගැනීමට ඇති නොසංසිඳෙන ආශාව පාගා දමා මේ ගන්නා තීරණය ඔබ මෙන්ම මමත් වේදනාවට පත් කරන්නක් බව මා දනිමි. නමුත් ඔබත් මමත් එකලෙසම බැඳී සිටින වගකීම් මුලින් මාගේ කරමත පැටවුනු නිසා මට අදින් නවතින්නට සිදුවේ. අකුරු වලින් පමනක් ඔබ හා මම ගෙවූ ඒ ආදරණීය කාලය කිසිදා අමතක කර දැමීමට මට හිත හදා ගත නොහැක.

මාගේ මේ අවසාන ලිපිය සමග ඔබට මා අමතක කර දමා ඔබගේ වගකීම් වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටිමි. කරුණාකර ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න. කිසිදා දැක නොමැති වුවත් ඔබට කල මාගේ ආලය බොරුවක් නොවේ. කරුණාකර මට සමාව දෙන්න. ඉතින් නවතින්නම්.

මම ඔබේ අදරණීය
වගීශ. "

ලියුමේ තැනින් තැන කඳුලු නිසා බොඳවුනු තැන් ලේන්සුවකින් පිහිදාල එයා ආසම කරන ප්'ෆියුම් එක දෙතුන් පාරක් ලියුම උඩට ප්‍රෙස් කලේ මගෙ සුවඳට එයා කවදත් ආස නිසා. ලොකු ලස්සන ආදරණීය වචන කියන්න දන්නෙ නැති උනත්, එයාගෙන් එන පිටු දෙක තුනක ලියුම් වගේ දිගම දිග ලියුම් ලියන්න දන්නෙ නැති උනත් මගේ ආදරේ මේ අකුරු ටික ඇතුලෙ කැටි කරල යවන්න මට ඕනි උනා.

අවුරුදු තුනක් තිස්සෙ කවදාවත් ඇස් දෙකට දැකල නැති , හීනවලින් වතින් මගේ ලඟ දැවටෙන එයාගෙ පින්තූරය මම ඇඟිලි තුඩු වලට ගත්තේ එයාව අමතක කරල දාන එක කවදාවත් කරන්න බැරි දෙයක් නිසා. දැලි රැවුලවත් වැවිල නැති කාලෙ උනත් එයා හරිම කඩවසම් තරුණයෙක්. ( දැං අහන්නෙපා අවුරුදු තුනක් තිස්සෙ මෙච්චර තාක්ශනේ දියුනු කාලෙ කෝල් එකක්වත් ගන්නැතුව අල තැම්බුවද කියලා. ඒක පස්සෙ කියන්නම් 😑)

ලියුම නමලා සුදු පාට ලියුම් කවරෙට දාලා ලස්සන ලියවැලක් ගියපු සීල් එකක් ලියුම උඩ තද කලා. කවදත් එයාට ලැබෙන්නෙ ලස්සන පාට පාට ලියුම් කවර. ඒත් අද සුදු පාට ලියුම් කවරය ලියුම කියවන්නත් කලිං එයාව බය කරයිද කියලා මට හිතුනා.

සඳනාරී ❘ SANDANARI ( ongoing )Where stories live. Discover now