" මම එන්නම්. විනාඩි 10ක් ඉන්න. "
මම එහෙම කියපු ගමන්ම කෝල් එක කට් කරලා මේසෙ උඩට දාලා අත් දෙකෙන්ම කොන්ඩෙ ඇදගත්තේ මට සහස්ට මූන දෙන්න බැරි කමක් තිබුනු නිසා. අනිත් අතින් සහස් ඒ හිර කූඩුවෙන් එලියට එන එක ගැන සතුටු වෙන්න ඕනි උනත් , මම සහස්ට වරදක් කලා කියල දැනෙන හැඟීම නිසා මට නිදහසේ සතුටු වෙන්න හිතුනෙ නෑ.
ශාදිගේ බාප්පා , ඒ කියන්නෙ සහස්ගේ තාත්තා ගැන මට තිබුනෙ ඒ තරම් හොඳ හැඟීමක් නෙමෙයි. ඒ මනුස්සය එක්ක කතා කරන්න ඕනි මොන විදිහටද කියන එක ගැන මම දෙපාරක් හිතුවා. වචනයක් වැරදුනත් සහස්ව ආපහු ඒ හිර කූඩුවටම ගිහින් දායි කියන සිතුවිල්ලත් , එහෙම උනොත් සහස් ගෙ ලඟින් ඉන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා කියන ආත්මාර්තකාමී හැඟීමත් නිසා මම ෆෝන් එකත් අරං තේ හදන ගමං හිටපු දේශ්ටත් යනවා කියාගෙනම පරක්කු නොවී ආපහු ගෙදර එන්න පිටත් උනා.
කාර් එක ගේට් එකෙන් ඇතුලට දාද්දිම ගේ ඉස්සරහ නවත්තලා තිබුනු කලු පාට බෙන්ස් එක සහස්ගේ තාත්තා වගේම උඩඟු කමින් හිටියදෝ කියලත් මට හිතුනා. කාර් එකටත් රවන ගමන් ගේ ඇතුලට යද්දි සැප පහසු නවීන පන්නයේ සෝෆා එකට වෙලා හැඩි දැඩි ශරීරයක් තිබුනු පිරිමියෙකුත් එක්ක පිං පාට මූනක් එක්ක කැරලි කොණ්ඩයක් තිබුනු මැදි වයසේ ගැහැනු කෙනෙක් ශාදි එක්ක කතාවට වැටිලා හිටියා. ඇත්තම කිව්වොත් කතා කලේ ඒ ගෑනු කෙනයි ශාදියි විතරයි. පිරිමි කෙනානම් හිටියේ ගෑනු අයගෙ නවතින්නැති කතා පෙට්ටි දිහා එපා කරපු බැල්මකින් බලාගෙන. ඒ ලඟම එහා පැත්තෙ තනි සෝෆාවෙ සහස් වාඩි වෙලා හිටියෙ කටත් ඉරක් කරගෙන ඇසුත් ලොකු කරන්.
මම ගේ ඇතුලට යද්දිම ශාදි මාව දැකලා මගෙ ලඟට දුවගෙන ඇවිත් මගේ අතේ එයාගෙ අත පටල ගත්තා. ඒ වෙලාවෙ මම සහස් ගේ දිහා නොබලා හිටියේ එයා අපි දෙන්නගෙ දිහා බලාගෙන ඉන්නව කියල මම හොඳටම දන්න නිසා.
" සොරි. ටිකක් පරක්කු උනා "
මම ශාදි දිහාත් බලලා ඉස්සරහ හිටපු සහස්ගේ අම්මයි තාත්තයි දිහාත් බලලා කිව්වේ මවාගත්තු හිනාවකින්.
" ඒකට කමක් නෑ පුතා. ඔයා ඉන්න ඕනිත් නෑ. ඒ උනත් අපි චූටිව මෙහෙම වෙන කොහේ හරි නවත්තන පලවෙනි වතාව. ශාදි ගැන අපි හොඳටම දන්නව උනාට ඔයා එක්කත් කතාකරල යන එක හොඳයි කියලා හිතුනා "
![](https://img.wattpad.com/cover/343820820-288-k365687.jpg)
YOU ARE READING
සඳනාරී ❘ SANDANARI ( ongoing )
Non-Fictionරැඳී ඉන්න මාහා සුපෙම් බැල්ම පාලා සේද රතඳර මුමුනා රැයේ නින්දෙ පායා මවා දුන්නු සේයා දෑත සසරෙම අමුනා සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී, සදා මාගෙ වීලා විදූශ ❤️ සහස්