02 - ලෝකය හරිම පුංචියි

7 1 0
                                    

ශවන්දි සමරවික්‍රම එහෙමත් නැත්නම් ශාදි කියන්නෙ අවුරුදු විසි පහක් වෙන හුරුබුහුටි කෙල්ලෙක්. මිනිස්සුන්ව තේරුම් ගන්න වගේම හිත් හදන්න උපතිම්ම ගෙනාපු හැකියාව නිසා එයා ඒ දේට ආදරය කලා. ඒ නිසාම එයා රැකියාව විදිහට තෝරගත්තෙ කවුන්සිලින්. ජීවිතේ එපා වුනු , ආදරෙන් පැරදුනු තරුණ කෙල්ලො කොල්ලො ගොඩකගේ හිත හදලා ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් දෙන කෙනෙක් ශාදි කියන්නෙ. මේ චරිතය මගේ ජීවිතේට ඇතුල් වෙන්නේ සම්පූර්නෙන්ම මගේ අම්මා නිසා. එයාට ඕනි උනේ මම සතුටින් ඉන්නව දකින්න. ඒ නිසා එයා දන්න හොඳම කෙල්ලව මට ගෙනත් දුන්නා. එතකොට මට ඕනි මගේ අම්මව සතුටින් තියන්න. පුංචි කාලෙ ඉඳන් මාව පරිස්සමින් බලාගත්තු අම්මටයි තාත්තටයි ඉන්න එකම බලාපොරොත්තුව මම. මට ඕනි නෑ ඒ දෙන්නගෙ හිත් රිද්දන්න.

සහස්ගෙයි මගෙයි අතර තියෙන සම්බන්දය අම්මට කිව්වොත් වෙන්නෙ එයා තවත් දුර්වල වෙන එක. කාලෙක ඉඳන් තියෙන පෙනහලු දුර්වලතා නිසා එයා දුක් විඳිනව. එයා ජීවත් වෙලා ඉන්න කාලෙ සතුටින් තියන්නයි මට ඕනි.

කාර් එකේ ආපහු ශාදිගෙ ගෙදරට එනකන්ම ශාදි හිටියෙ ගොඩක් සතුටින්. එයා නම් කටර් එකක් වගේ කියවනව. ඉස්සරහ ශීට් එකේ ඉන්න සහස් ටත් විහිලු කරනව. මම ආපහු සහස්ගෙ මූන බලන්න ගියේ නෑ. මම එයාගෙ හදවත බිඳලා ඉවරයි. එයා මාව අමතක කරලා වෙන කෙනෙක්ව හොයාගෙන සතුටින් ජීවත් වෙයි කියල බලාපොරොත්තු වෙන්න විතරයි මට පුලුවන්. මේ ආත්මාර්තකාමී හැඟීම මරල දාන්න ඕනි උනත් මම ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ගිහිල්ලා ඉවරයි.

පෝරුවෙ චාරිත්‍ර හොටෙල් එකේ කරන්න ශාදිගෙ අම්මා අකමැති උනු නිසා පෝරුවෙ චාරිත්‍ර කරන්න හිතාගෙන හිටියෙ ශාදිගෙ ගෙදර. දෙන්නත් එක්කම ගිහින් දෙපැත්තෙන් පෝරුවට ගොඩවෙද්දි ඈතට වෙලා බලන් ඉන්න සහස්වත් මගේ ඇස් මානයට අහු උනා. මම ම්එඑ දෙන ගින්දරට මට ලැබෙන රිටර්න් එක ගැන මම හිතන්නවත් කැමති නෑ. සහස් තරම්ම මාත් ඇවිලෙනවා කියලා එයා දන්නැතුව ඇති.

" දැං මනාල යුවල මුදු මාරු කරගන්න. "

ඒ ඇහුනු කටහඬට පියවි සිහියට ආපු මම ලොකු හුස්මක් පෙනහලු වලට පුරවගෙන පිටකලේ තවත් ශාදිට අසාදාරණයක් කරන්න බැරි නිසා. මම තෝරගත්තු පාරෙ ඉස්සරහට යන්න ඕනි නිසා මම සහස් ගැන තිබ්බ ආදරේ හදවතේ කෙලවරේම තිබුනු කලුවර කාමරේකට දාලා සදහටම අගුලු දැම්මා.

සඳනාරී ❘ SANDANARI ( ongoing )Wo Geschichten leben. Entdecke jetzt