chapter 01 🌻❤️🕸️

94 18 2
                                    

Ol exam එක ඉවර උනා විතරයි ආයේ ප්‍රැක්ටිකල් එකත් දුන්නයින් පස්සෙ ඒකත් ඉවරයි. exam වලට busy උන නිසා කාලෙකින් මට park  යන්නත් බැරි උනා එතන තියෙන නිස්කලංක කමත් එක්ක මන්ම කවිකාරිය උන මගේම කවියක අතරමන් උනාම දැනෙන  නිදහස වචන වලට පෙරලන්න බැරි තරම්..

මන් සෙත්මි ..අම්මයි තාත්තයි ඉන්න මගෙ පවුලෙ එකම දරුවා මන් ඒ නිසා හැමෝගෙම ආදරේ මදි නොකියන්න මට ලැබෙනවා .වැඩිය සමාජ ආශ්‍රයක් නැති මට හොදම යාලුවෝ නෑ..මට හොදම යාලුවෙක් හදාගන්න උවමානාවක් තිබ්බෙත් නෑ ..සුපුරුදු තනියට මන් ආස කලා..

අද උදේම මන් ලෑස්ති උනෙ park යන්න...t-shirt එකයි trouser එකයි දාන් කොටටම කපලා තියෙන කොන්ඩෙ එහෙන් මේහෙන් අතින් හදාගෙන එක වැහෙන්න කැප් එකත් දාගෙන .පොඩි ෆයිල් බෑග් එකකට මගෙ කවිපොතයි පැනයි පෝන් එකයිත් දාගෙන අම්මට කියලා ටක් ගාලා පාරට ආවේ හැමදාම මිස් වෙන බස් එක අල්ලගන්න..එත් අද මන් පැය කාලක් කලින්  එ නිසා මට ඒ බස් එකේ යන්න පුළුවන් උනා..බස් එකෙන් බැහලා ටික දුරක් පයින් ගියේ පාර්ක් එකට ටිකක් දුර නිසා
හැමදාම වගේ අදත් නා ගහ යට තියෙන බංකුව හිස් හරියට එතන මගෙ නමටම ලියවිලා වගේ..ටක් ගාලා ගිහිම් ඉදගත්තෙ වෙන කවුරු හරි මගෙ තැනට එයි කියලා හිතට ආව බයට .

මගේම කවියක නතර වෙලා හිටපු මන් ලියන්න පටන් අරන් තිබුන කවිය ඉවර කරලා පෝන් එක අතට අරන් වෙලාව බලනකොට 12.30 ඉක්මනට ගෙදර යන්න බස් ස්ටැන්ඩ් එකට ආවේ 1.30 හරක් ගාලක් අරිනවා වගෙ ස්කොලේ අරින නිසා ..බස් එකෙ ජනේල අයිනේ සීට් එකක ඉදගත්ත මන් කල්පනා කලේ මන් ගැනම..හරි හැටි අවබෝදයක් නැති කාලෙක මන් පටන් ගත්ත බැදීමක හිර වෙලා.. ඒක අසම්මතයක් මන් දන්නවා මන් වැරදි නෑ කියලා...බහුතරයක් කරන දේ සම්මත වෙලා අපි වගෙ සුලු පිරිසකගේ හැගීම් අසම්මතයක් කරපු හනමිටි සමාජයක අපි ජීවත් වෙන්නෙ..
මේ බැදීමෙන් මට අයින් වෙන්න ඔන උනත් මට ඒක කරන්න විදිහක් නෑ මොකද මන් තේරුමක් නැතුව මවපු බලාපොරොත්තු ඇතුලේ ඒ කෙල්ල ජීවත් වෙනවා..මෙවා මගේ වැරදි..වැරදි හදාගන්න පුළුවන් උනා එයාගෙ අසනීප හොද උනානම්.........දන්නෙම නැතුව බහින තැනටත් ඇවිල්ලා බස් එකෙන් බැහැලා ගෙදර ගියපු ගමන්ම ගියේ මගෙ භූත ගුහාව හොයන්..

|| LoVely TrUth 🌻🌎❤️__Where stories live. Discover now