chapter 04 🌻❤️🕸️

48 13 1
                                    

අද තමා ඒ දවස අපේ literally society  එකේ trip එක...උදේම නැගිටපු මන් අවශය බඩු ටිකත් දාගෙන උදේ 4.00 වෙනකොට ස්කොලේ literally hall එක ගාවට ආවේ අපි මෙහෙන් 4.30 පිටත් වෙන නිසා..අපේ club  එක බාර තුශාරි ටීචයි, රශ්මි නංගියි , තිරුලි නංගියි තව 28 දෙනෙක් විතර අද අනුරාදපුරේ යන්න එකතු වෙලා හිටියා තුශාරි මැඩම් කියපු විදිහට අපි උදේ කෑම මගදි ගන්නවා ඊට පස්සේ රුවන්වැලි සෑය වැදලා එතනින්ම මිරිසවැටිය වැදලා ..ශ්‍රි මහා බොදීයටත් ගිහින් ,සමාදි පිලිමයත් බලලා දවල් කෑම ඉසුරුමුනියේ රජමහා විහාරෙන් අරගෙන හවස් වෙලා විහාරේ කෞතුකාගාරයත් බලලා එනකොට වෙලාව තිබ්බොත් මිහින්තලෙත් එක්ක යනවා කිව්වා...ආගමට එච්චර නැබුරක් නැති මටනම් මෙක එච්චර ගානක් ගියේ නෑ..

අපි නුවර ඉදම් අනුරාදපුරේ යන්න හරියටම මෙහෙන් 4.30 පිටත් උනා. බස් එකෙ පිටිපස්සම ශීට් එක අල්ලගන්න ලමයි පොරකනවා ..වැඩිය සද්ද බද්ද කෑ ගැහිලි වලට අකමැති මන් බස් එකෙ වම් පැත්තෙ තුන්වෙනි ශිට් එකේ ජනේල අයිනක් අල්ල ගත්තා..රශ්මි නංගිත් එයාලගෙ යාලුවෝ එක්ක පිටිපස්ස ශීට් එකකට ගියා .

පාන්දර එන සිතල සුලගත් එක්ක ඇස් පියාගත්ත මට දන්නෙම නැතුව නින්ද ගිහින් නැගිට්ටෙ අපි උදේ කෑම ගන්න නවත්තපු තැනින්...හරියටම තැන දන්නෙ නැති උනාට නවත්තලා තිබ්බෙ හරි ලස්සන නිස්කලංක පැත්තක අපේ සෙට් එකයි ගස්වල අතුවල හැංගිලා හිටපු රිලවුයි ඇරෙන්න වෙන මිනිස් වාසයක් අහල පහලකවත් තිබ්බෙ නෑ....අපේ අය බැස්ස ගමන්ම  නිස්කලංක කම ඩොල්කි සද්දෙටයි කිසිම තෙරුමක් නැති පොප් සිංදු වලිනුයි නැති වෙලා ගියේ රිලව් ටික ගස් කොල පෙරලන් පැනලා යනකොට..

- හපොයි සෙත්මි අක්කි ඔයා තනියමද හිටියේ මට ගානක් ගියේ නැනේ

+ ඔව් ඉතිම් තනියම තමා හිටියෙ ....

බස් එකට නැන්ග වෙලේ ඉදම් මන් ගැන ගානක්වත් තිබ්බෙ නෑ මෙ පිස්සිට දැන් අහන ලස්සන

- ආ ඊලග පාර මන් ඔය ගාව ඉදගන්නම්කො එන්න කැම කන්න යමු

කැම කන්න කියලා එක්කන් ආවට රශ්මි නංගිනම් කැම එක අතගානවා මිසක් කැවෙන්නෙම නෑ...ආරංචි මාර්ග වල හැටියට මේ කෙල්ලෙ බස් එකට නැගපු වෙලේ ඉදම්ම ගෙනාපු කඩසෝරු කන එක තමා කරලා තියෙන්නෙ ඉතිම් දැන් කන්න බැරි එක අහන්න දෙයක්ද

|| LoVely TrUth 🌻🌎❤️__Where stories live. Discover now