chapter 03 🌻❤️🌎

44 14 1
                                    

උදේම වදින මේ එලාර්ම් මගුල ඔෆ් කරලා washroom එකට ගිහිම් බලනකොට දත්බුරුසුව නෑ .🙂 පන දාන් එක හොයනකොට තමා මතක් උනේ ඉයේ රෑ මන් චිත්‍ර අදින්න මගෙ බ්‍රශ් එක ගත්තා නේද කියලා..පස්සෙ කබඩ් එක ඇරලා අලුත් බ්‍රශ් එකක් අරගෙන ඉක්මනට ඇදගෙන පාරට ආවේ අද උදෙන්ම ස්කොලෙට යන්න හිතාගෙන කොහෙද මේ බස් එක පරක්කුයිනේ අප්පා....මේ බස් එකට වෙලාවට වැඩ කරන්න තෙරෙන්නෙ  නැති හැටියක් හැමදාම ඔහොමයි බස් එකටත් බැන බැන හිටපු මන් බස් එක ආපු ගමන්ම අනික් ඔක්කොමවත් පෙරලන් මුලින්ම බස් එකට නැන්ගේ තිබුන හදිස්සියටමයි..

මන් ස්කෝලෙට ආවා කලින් වැඩිද මන්දා ලමයිත් ටිකයි ඇවිත් ඉන්නෙ ..මන් වෙලාවට වැඩක් කලොත් ඔහොමමයි ..කොහෙදෝ ඉදම් එක පාරටම රශ්මි නංගි කඩාගෙන පැන්නා

-good morning  අක්කෙහ්..මොකෑ අද කලින්ම එන්න හිතුනේ

-good morning  😁

+ අද අපිට රැස්වීමක් තියෙනවලු නෙ...දැන් නම් වෙලාව හරි සෙතු අක්කෙ මාත් එක්ක යමුද..

- ම්ම්ම් හා යන්කෝ.

එකපාරටම මගෙ ඇගෙ එල්ලිලා  මගෙ අත් දෙක පටලගත්ත එයා කිසි ගානක් නැතුව යනවා....මෙච්චර කල් යාලුවෙක්වත් නොහිටපු මට මෙක නුහුරු හැහීමක් ..හිතත් එක්ක ගැස්සිලා ගිහින් මගෙ හිත තව තවත් ඒ නුහුරු ස්පර්ශයට බැදුනේ මෙක යාලුකමක්ද කියන ප්‍රශ්නෙ මගෙ හිත තනිවෙනකොට...

අද කට්ටිය කලබලෙන් වගේ වැඩ කරන්නෙ මේ literally society එකේ උත්ත්සවෙ අස්සෙ ලමයි trip එකක් යන්න දාගෙන අනිද්දා ඒකට යනවලු අනුරාදපුරේ තමා කට්ටිය යන්න හිතාගෙන ඉන්නෙ ..

-එහ් කන්නාඩි අක්කෙ ඔයා යනවද

+බලමුකෝ නංගි

-අනිවාර්යයෙන් යමු අපි හරිද ඉතිම්

මේකට යනවද නොයනවද කියලා හිතා ගන්න බැරුවේ ඉන්නෙ..එක්කො යනවා ගෙදරට වෙලා හිටියත් කලා නිදාගන්න එකනේ වෙනසකටත් එක්ක ගිහිම් එනවා රශ්මි නංගිත් යනවනේ

+ හා මාත් එනවා

තරග වලට ලියලා තිබ්බ කෙටි කතා කියවන ගමන් හිටපු මන් විටින් විටේ අර පිස්සු කෙල්ල දිහාට ඇස් යවන්න අමතක කලේ නෑ..සැරින් සැරේ ඇස් හොයපු එයාව මගෙ හිත කිව්වෙම මටම අයිති කරගන්න කියලා...මෙක ආකර්ෂණයක්ද නැත්තම් ආදරයක්ද මට තෙරෙන්නෙ නෑ..එත් බැදීමක පැටලිලා ඉන්න මට වෙන හිතක් ගැන හිතන එක වැරැද්දක්..රශ්මි නංගි මන් ගැන අක්කා කෙනෙක් විදියට හිතනකොට මන් කොහොමද එයා ගැන මෙහෙම හිතන්නෙ...අනේ සෙතුමියෝ උබට නම් හොදටම පිස්සු අයින් කරපම් ඔය විකාර ඔලුවෙන්..

ලියලා තිබ්බ කෙටිකතා වලින් හොදම කෙටි කතා 10 තෝරගත්තෙ competition එකට දාන්න..ඒ තොරපු ටික තිරුලි අක්කට දිලා මාත් ඉදගෙන පෝන් එක ඔබන්න ගත්තෙ වෙන වැඩක් නැති නිසා.....පොන් ඒකෙ සිහියෙන් හිටිය මන් ගැස්සිලා ගියේ සීතල අතක් මගෙ උරහිස වටා එතුන නිසා...ඒ රශ්මි නංගි

-ආ අක්කි මොකො මේ තනියම

+තනියක් නෑ ඉතිම් මේ වටේ ගෝඩක් අය ඉන්නෙ

-අනේ හලෝ හිටියට වැඩි ආස්‍රයක් නැනෙ..😒

+☺️

- ඉතිම් මට කියන්නකෝ ඔයා  යාලුවෙලා ඉන්න කෙල්ලගේ විස්තර ටිකක් ..මගෙ නැනෑ ලස්සනයිද ...

කටත් උල් කර කර කියවන මේ පිස්සු කෙල්ල ඇදලා ගත්තෙ මන් කතා කරන්න ආසම නැති මාතෘකාවක්..

+ ම්ම්ම් ඔව්නේ

- ආහ් මරුනේ ...කොච්චර කල් වගෙද ඔය දෙන්නා යාලූ වෙලා එයාටත් මෙ club එකට එන්න කියන්නකෝ..

+ අපි 11 වසරෙන් වගෙ යාලු උනේ දැනට මාස පහක් වගේ... එයාට කැන්සර් එකක් ..ඒකට ට්‍රීට් කරන නිසා මෙ වගේ වැඩ වලට වෙලාවක් නැලූ

- අනේ දෙවියනේ එහෙමද ඔයාට ගොඩක් දුකයිද දුක් වෙන්න එපා හරිද අපි එයාව හොද කර ගමුකෝ.

මගෙ අත අල්ලන් මගෙ බෙල්ල අස්සේ මූන හංගන් අනික් අතින් මගෙ පිට අත ගගා මගේ නැති දුකක් තුනි කරන්න හදන මේ කෙල්ල දිහා බලන් හිටියේ ආයසයෙන් හිනාව මැඩගෙන ..හිත ඉල්ලපූ එයාගෙ ඒ සිනිදු ස්පර්ශයන් වලින් දැනුනු පහසට  මන් මගෙ උරහිසේ මුන හංගන් ඉන්න මේ කෙල්ලගේ මූනට මගේ හිස හේත්තු කලේ ඇස් පියා ගනීමින්ම ඒ ස්පර්ශයන් විදිමින්..එක පාරටම නැගිටපු රශී ආපහු පිස්සු විකාරෙන් කියවන්න ගත්තෙ මගෙ කන් දෙකට දෙයියො බුදුන් සිහි කරලා...

- අක්කා අපි කන්න යමුකෝ ..

+ ගෙදර යන වෙලාව හරිනෙ නංගි..මන් දැන් යන්නම්..

- ආ එනම් අනිද්දා හම්බෙමුකෝ අපි හරිද පරිස්සමට යන්න ඒනම්

+ හා නංගි

අනින්ද්දා යන trip  එකට ලෑස්ති වෙන්නත් එක්ක කට්ටියම කතා වෙලා හෙට නිවාඩු දාගගත්තේ මෙහෙන් උදේ පාන්දරම යන නිසා.නැතත් කෙල්ලොනේ.. ලෑස්ති වෙන්නම කල්ප කලාන්තරයක් යන නිසා 😂..

ගෙදර ආව ගමන්ම ඇදට වැටුන මන් පොන් එක අරන් fb වොල් එකෙ උඩ පහල යමින් පිස්සෙක් වගේ කාලේ කෑවා..ආයෙම නැගිටලා ගිහිම් වොශ් එකක් දාන් ආව මන් ආපහු ඇදට වැටුනේ නිදාගන්න කියලා හිතම් ...නින්දත් නොනින්දත් අතරේම හිත කලබලෙන් හොයන්නේ එ ඇස් .....රශි.....ඇයි මගෙ හිත මෙච්චර කලබල...දවල් වෙච්චි දෙවලුත් මතකයට නගන ගමන් ඇස් තද් කරලා පියාගත්තෙ නිදි දෙව්දුව මාව තදින් වැලදගන්නකොට...

|| LoVely TrUth 🌻🌎❤️__Where stories live. Discover now