chapter 05 🌻❤️🌎

42 14 3
                                    

චාරිකාවෙන් පස්සෙ සතියක් ගිහිල්ලා අනිද්දා අපේ literally society එකෙ වාර්ශික උත්සවය..අපෙ මාසයක් පුරා මහන්සිය ...හැමෝගෙම බලාපොරොත්තුව එක හොදින් සංවිදානය කරන්න...නගරේ අවට අනික් පාසල් වලටත් අපි ආරාදනා කරලයි තියෙන්නෙ..අපිටත් වඩා තිරුලි අක්කා මාරම විදියට මෙකට මහන්සි වෙන්නෙ..

චාරිකාවෙන් පස්සෙ මට තෙරුම් ගන්න පුළුවන් උනා මන් රශ්ම් නංගිට ආදරෙයි..ඔව් එක ආදරයක්..ගෙවුන සතිය පුරාවටම රශ්මි නංගි මාත් එක්ක වැඩි කතාවක් නෑ මෙ වෙනස මට තෙරුම් ගන්න බෑ..වචනයක් දෙකක් කතා කලත් එකත් බිම බලාගෙන...කලබෙලෙන් වගේ හැසිරෙන මෙයාගේ කියවිල්ලත් දැන් නැතිම තරම් ...මේහෙම හැසිරෙන්නෙ ඇයි කියලා අහන්න ඔන උනත් කොහොමද මන් එහෙම අහන්නෙ...සමහර විට එහෙම වෙනසක් නැතුව ඇති .මන් වැරදියට හිතාගෙන වෙන්නත් පුළුවන් නේ....

වෙනදටත් වඩා රිශු හිතේ සක්මන් කලේ මගේ නින්දත් නැති කරලා...හුස්ම වැටෙන වාර ගානට සමානව එයාගේ ඒ කෝලම් ,හිනාව, එ ඇස් මතක් උනේ එයා නැතුව එක තත්පරයක්වත් ඉන්න බැරි තත්වයක් මට උදා කරලා...මෙච්චර ඉක්මනින් කොහොමද එයා මේ හිතට ලන් උනේ...

අද literally society එකෙ වැඩ ඉවර වෙනකොට දවල් උනා ගෙදර ආවෙම අද හවස park එකට යන අදහසින් මගෙ හිත හොදටම කලබලයි වගෙ..ශික් මට හුස්ම ගන්නත් අමාරුයි වගෙ එක දැනෙන්නේ..

ගෙදර ආව ගමන්ම වොශ් එකක් දාගෙන හිමිට පාරට අවේ මනෝලෝකෙක තනිවෙලා..බස් එකෙ ජනේල අයිනෙ සිට් එකක ඉදගත්ත මන් ඇස් දෙක වහගෙන වදින හුලග වින්දේ හිතේ රිශූව මැවෙනකොට..මේ දැනෙන හැගීමට මන් හරි ආසයි...එත් මේ දෙවල් රිශු දැනගත්තොත් මට යාලුවෙක් විදිහටවත් එයා ලග ඉන්න වෙන්නෙ නෑ..මට එ ගැන හිතන්න ඔන නෑ ..ආදරේ විදින්න අයිති වෙන්නම ඔන නැනේ..

බස් එකෙන් බැහැපු මම හිමිට ඇවිදගෙන park එකට ආවෙ නා ගහා යටට ඇස් යොමාගෙන...අදත් එතන බංකුව හිස් ..බර හුස්මක් පහලට දාපු මන් ඉක්මන් අඩියෙන් එතනට ගියේ වෙන කවුරු හරි මගෙ තැනට එවී කියලා ...

කවි පොත පෙරලපු මන් ලියන්න දෙයක් හිතාගන්න බැරුව හිස් පිටුව දිහා බලාගෙන හිටියේ හිස් හැගීමකින්..ක්ශනිකව ආව සිතුවිලකින් මන් ඒ හිස් පිටුව පිරෙව්වේ අවසානයේ ලස්සන කවියක මාව තනිවෙනකොට .......

|මා මනමෝහනය කරනා ඒ දිලිසෙන නෙත් දෑල...
|දෑතේ පැටලී නුබත් එක්කල වැල්වටාරම් කියව කියවා....
|දැවටි දැවටි සීත සැදැවක් අභියසදි මට...
| නුබෙ අසලින් ඉන්නයි ආස සෙවනැල්ලක් තරමට...

| දෙන්නත් ලෝභයි තව කෙනෙකුන් හට සින්නක්කරයට
|ඈ මගේම වේවායි කියන්නත් බියය දෙවියන් අභියසදි මට
|මගෙ කරගෙන දුකක් දෙන්නත් අකමැතිය මා ඈ වෙතට
|ඈ උකුලේ මොහොතක් සැනහෙන්න දෙවියනි ඉඩ දෙන්නෙද මට..

~sethmi~

කවියෙම තනිවෙලා හිටපු මට වෙලාව යනවා දැනුනේවත් නෑ හොදටම හවස් වෙනකොට තවා මතක් උනේ ගෙදර යන්න ඔන නෙද කියලා වෙලාව බලනකොට 6.40 ගෙදර අයත් බයවෙලා ඇති..දැන්නම් බස් එකත් ගිහිම්නෙ ආයේ බස් එකකුත් නෑ...තාත්තට කෝල් එකක් දාලා එක්ක යන්න එන්න කිව්වේ නැත්තම් මට අද රෑ park එකෙ තමා ඉන්න වෙන්නෙ ..

තාත්තා එක්ක ගෙදර ආව ගමන්ම කන් පිරෙන්නම අම්මගෙ දෙශනෙට සවන් දුන්නා...
ඔක්කොම ශේප් කරලා කාමරෙට ආවට පස්සෙ තමා මතක් උනේ අනිද්දයින් පස්සේ මාස 04 ක් යනකම්ම රිශුව හම්බෙන්නෙ නෑ නේද කියලා...හැමදෙම හොදටලුනේ..හිත හදාගෙන නින්දට වැටුනේ හෙට වැඩ ගොඩක් කරන්නත් තියෙන හන්දා....

හැමෝම වගේ අද මහන්සිවෙලා වැඩ කලා...රිශුනම් අද කලින් ගෙදර ගියා එයාට ඔලුව රිදෙනවා කියලා...ශාලාව සරසලා පුටු හදලා announcement ටික හරියට මැනෙජ් කරලා එක එක අංගය ලමයින්ට බෙදලා දුන්නා..

අද වැඩ කරනකොට රිශි මන් දිහා බලාගෙන ඉන්නවා වගෙ දැනුනත් වැඩ අස්සෙ මට හරියටම බලාගන්න බැරි උනා...අදත් රිශු මාව මගාරිනවා කියලා දැනුනත් මන් වෙනසක් නොපෙන්වා එයා එක්ක කතා කලා..

අද වැඩ ඉවර වෙනකොට 10.00 පහුයි හැමෝම ගෙදර ගියෙ හෙට උදේ 8.00 එන අදහසින් හෙට උදේ 10.30 අපෙ කල එලි මංගල්‍යනේ ඉතිම්

තාත්තා එක්ක ගෙදර ආව මන් කෙලින්ම ඇදට වැටුනේ තිබ්බ මහන්සියටමයි..පෝන් එකෙන් ගේම් එකක් play කර කර හිටියේ පොන් එක උඩම නින්ද ගිහිම් ඉතිම් ..

|| LoVely TrUth 🌻🌎❤️__Where stories live. Discover now