සඟවපු ආදරය

1.5K 327 23
                                    

මම කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව සිටිතැන ගල් ගැසුනි. පොඩි මැණිකේ සිටියේ කෑම මේසය මත වාඩි වී ය. ඇගේ අසලින්ම සිටගෙන සිටියේ මාගේ වයසේ පසුවෙතැයි සිතෙන තරුණයෙකි. ඔහු පොඩි මැණිකේ ගේ උරහිසේ හිස තබාගෙන ඉකි ගසා හඬමින් සිටියේ ය! ඔහුව ආදරයෙන් වැලදගෙන සිටි පොඩි මැණිකේ ඔහුගේ පිටට තට්ටු කරමින් ඔහුව සනසවමින් සිටියත් ඈගේ කම්මුල් දිගේද කඳුලුකැට රූරා වැටෙමින් තිබුනි.

මා උගුරපාදා මගේ පැමිණීම ඔවුන්ට සැලකලෙමි. ගැස්සීගිය ඔවුන් දෙපල වහා එකිනෙකාගෙන් ඈත්ව විසල් කරගත් දෑසින් මා දෙස බලා සිටින්නට වීය. පොඩි මැණිකේ ත්‍රාසයත් භීතියත් වේදනාවත් කැටිවූ දෑසින් මා දෙස බලා සිටින්නට වූ අතර ඈ වහාම මේසයෙන් බිමට පැන ඔසරි පොටෙන් දෑස් පිසදාගත්තාය.

මම තරුණයා දෙස බැලීමි. ඔහු මට වඩා මදක් මිටි ය. කැරලි කැරලි කලු කොණ්ඩය මුලු නළලම වඩා පැතිරී තිබූ අතර ඝණ කලු දෑස මා දෙස පුදුමයෙන් හා බියෙන් යොමු වී තිබුනි. සුදු බැනියමක් හැඳ සිටි ඔහු කොළ පැහැ සරමකින් සැරසී සිටි අතර ඉන වට තිබූ හවඩිය ඔහු ඉහල ඉහත්තාවේ වාසියෙකු බව හැඟවීය.

"ආහ්, මම මේ කුස්සියට යන ගමං. බාධාවක් උනා නම් සමාවෙන්න" කින්ඩියට පෑ සිනහවක් සමඟ කී මා අතේ තිබූ මල් පෝච්චය යලිත් මේසය මත තබා මල් පොකුර ඒ තුලට දමා කිහිලිකරුව අතට ගත්තෙමි.

"පොඩි ඉස්කෝලේ මහත්තයා!" මා කවුරුදැයි මේ දැං හඳුනාගත්තාක් වැනි හඬකින් පොඩි මැණිකේ කීවා ය.

"ආ පොඩි මැණිකේ!" මමත් එවැනිම පුදුමය හඟවන හඬකින් කීවෙමි. "එතකොට මේ මහත්තයා...?" මම තරුණයා දෙස බලමින් ඇසුවෙමි.

ඔහුගේ දෙකන් රත් පැහැ වී තිබූ අතර කඳුලු පිසදාගනිමින් ඔහු පොඩි එකෙකු මෙන් නැගී එන ඉකිය නවත්වාගැනීමට වෑයම් කරමින් සිටියේ ය.

"පොඩි ඉස්කෝලේ මහත්තයා මේ ඉන්නේ රන්දිනු" පොඩි මැණිකේ ඔහුව හඳුන්වාදෙමින් කීවාය.

"ආහ්, රන්දිනු! අඳුනගන්න ලැබීම සතුටක්, මමත් මේ අපේ උඩගෙදර නිළමේතුමාට වඩා හොඳ පිරිමියා කවුද කියලා හොය හොය හිටියේ" මා කට කොනකින් සිනහසෙමින් කීවේ පොඩි මැණිකේ දෙස බලාගෙන ය. ඒ වාක්‍යය ඈගේ දෙතොල් අතරේ සිනහවක් ඇන්දවීමට සමත් වීය.

අවසන් සඳWhere stories live. Discover now