"කොළඹ ගියාම මට මෙතන නිතරම මතක් වේවි..." මම වලහයේ තරු දෙස බලාගෙන සෙමින් මිමුණුවෙමි.
"ම්..." මට පසෙකින් අඩ නින්දේ සිටි පොඩි නිළමේ කීවේ ය.
"මේ තරු, මේ චිත්‍ර, මේ ඉටිපන්දම්....! මේ හැමදෙයක්ම මට ආය ආය මතක් වේවි...!" මම වීදුරුව තුලින් ගලා ආ සඳ කිරණ ලෑලි බිම මත වැදී රවුමක් සාදා ඇති අයුරු බලමින් කිවෙමි.
මා දෙසට හැරුණු පොඩි නිළමේ සිහින් සිනහවක්ද සමඟ මගේ නළලට සෙමින් තට්ටුවක් දැම්මේය.
"මම සිහිනගේ කාමරේටත් ඇඳලා දෙන්නම්කෝ චිත්‍ර ටිකක්"
"ඒ උනාට මේ සෝල්දරේ තියන මායාකාරී හැඟීම කොළඹ කොහෙන්වත් ගන්න නෑ... මේක වෙනම ම කලාවක්" මෙට්ටය මත සෙමින් එහෙ මෙහෙ වෙමින් මම කීවේ අපේ ශබ්ද පහල වලවුවාසීන්ට ඇසේවි යැයි බියෙනි.
පොඩි නිළමේගේ අඩ නිරුවත් සිරුර, ඇලයට වැතිරී මගේ පසෙකින් ලා නින්දක පසුවෙයි. මගේ සුදු කමිසයත් ළඟම කොහේ හෝ ඇති... මා එය සෙවීමය කරදර නොවීමි. නිවීගෙන යන ඉටිපන්දම දැං වේලාව ආසන්න වශයෙන් මධ්‍යම රාත්‍රියට ළඟ බව කීවේය. මම ඉටිපන්දම් වලින් වෙලාව කියවීමට ඉගෙනගත්තේ මේ ළඟදීය. මට එය පෙන්වා දුන්නේ උඩගෙදර නිළමේ යි. ඉටිපන්දම පත්තු කරන වේලාව ගැන දළ අදහසක් ඇතන්ම් ඉටිපන්දම ගෙවීගොස් ඇති ප්‍රමාණය අනුව ගතවී ඇති වෙලාව කිව හැක. කොළඹ මගේ කාමරයටත් ඉටිපන්දම් රඳවනයක් මිලදීගත යුතු යැයි මා සිතාගත්තෙමි.
මේ වලවුවේ මගේ අවසන් රාත්‍රිය යි.
කවදා හෝ අවසන් රාත්‍රියක් එළඹෙන බව මා දැනගෙන සිටි නමුදු එයට මගේ හදවත සූදානමින් නොසිට බව මට දැනුනි. එය පාරාදීසය හැරයාමක් වැන්න. මේ අඳුරු සියුම් මිහිරි මායාවන් හැරදමා කොළඹ එකාකාරීත්වයටත්, බටහිරකරණය වූ සංස්කෘතියටත් යලි මිශ්‍ර වීමට සිදුවීම හිත කළකිරවනසුළු ය.
මගේ සිතුවිලි දාමය බිඳෙන විට පොඩි නිළමේ ඇඳ රෙදි වල සුවසේ එතී හොඳටම නිදිය. මා ඔහුගේ රත්‍රන් කෙස් මෑත් කොට නළලට සියුම් හාදුවක් තැබීමි. ඔහුව මා මුල් වරට සිපගත්තේද මේ සෝල්දරයේ සිටය. අපේ බැඳීමේ සෑම අවධියක්ම දුටු මේ මායාකාරී සෝල්දරය ට අවසන් වරට සුභගමන් කී මම ඉණිමගෙන් පහලට බැස්සේ උදෑසනට පෙර අහුරා අවසන් කල යුතු තව සුළු බඩු ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනි.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන...