උඳු වළළු හා රතු පැණි

1.2K 304 59
                                    

එතනින් දෙසතියක් ඉක්මගිය තැන පළාත් තරඟ පැමිණියේ ය.

මා ඒ සඳහා බොහෝ සේ කැපවී වෙහෙස මහන්සි වූ බැවින් වලවුවේ වත්, ගමේ වත් ප්‍රශ්න සඳහා මැදිහත් වීමට මට අවස්ථාවක් නොලැබුනි. මා පාන්දර පාසල් ගොස් ළමයි පැමිනීමට පෙර එදින වැඩකටයුතු ගැන පෙරදැක්මක් සාදයි. ඉන්පසු දිවාකාලයේ කාලච්ඡේද සියල්ල එක දිගට වැඩ කළ පසුව සන්ද්‍යාවේදී ළමුන් හා එක්ව පුහුණුවීම් වල නිරත වෙයි.

මේ පුහුණුවීම් ඉතාම විනෝදබර වීය. සිංහල තරඟ වලට තේරී පත්වී තිබූ ළමුන් දැං මට පවුලේ අම්මාගේ පැත්තේ නෑදෑයින් තරමටම හිතවත් වී තිබුනි. ඔවුන් මට කියා ගෙදරින් කෑම උයාගෙන එයි. පුහුණුවීම් අවසානයේ සිංදු කියා නටයි. සමහර රෑබෝවූ දිනෙක සියල්ලෝම එක්වී මාව වලවුවෙන් ඇරලවයි.

මා මෙසේ වැඩ සමඟ කාර්‍යාබහුල වීම සම්බන්ධයෙන් මම එක් අතකට සතුටු වන්නෙමි. එය මට පොඩි නිළමේ මගහැරීමට අගනා හේතුවක් වීය.

දැං ඔහු දකින දකින වාරයක් පාසා මගේ මනසේ ක්‍රියා කරන්නේ අඳුරු සිතිවිලි ය. එක් අතකට ඔහු හිතා මතාම මගේ හිතට අඳුරු සිතිවිලි කවන්නේදැයි මට සිතෙයි.

නමුත් රෑ කෑම මේසයේදී මට ඉදිරියෙන් වාඩි වෙන ඔහුගේ සිහින් දෙපා වැඩි හරියක් මගේ දෙපා වල ගැටෙන්නේ සිතාමතා නොවිය හැක. කෑම කා අවසන් වූ පසු ලොකු මැණිකේ හා මහ නිළමේ බලාගෙන නැති වේලාවක බළල් පැටවකු සේ ඇඟිලි ලෙවකමින් මාගේ දෑස් දෙස බලන්නේ සිතාමතා නොවිය හැක. රාත්‍රියේ මා මේසයේ වාඩි වී වැඩ කරන විට උක්කුං හදන සීනි කූරක් සෝල්දරයට නගින ඉණිමග මත වාඩි වී විවිධාකාර අඳූරු ශබ්ද බලපෑම්ද සමඟ උරන්නේ කිසිසේත්ම හිතාමතා නොවිය හැක.

නමුත් දිනෙන් දින ඔහුව නොදැක්කා සේ සිටීම අපහසු වීගෙන එයි.

නමුත් ඉදහිට දෙන ආදරණීය හාදුවකට වඩා එහාට නොයන ලෙස අපේ භෞතික සම්බන්ධතා මා සීමා කර තිබුනි.

සිංහල භාෂා දෙසතියේ එක් සිකුරාදාවක මා පුහුණුවීම් වලින් නිදහස් වී වලවුවට පැමිනියේ සති අන්ත දිග නිවාඩුව උදෙසා මද විවේකයෙන් සිටීමට යි. මා වලවුවට යන විය ලොකු මැණිකේ හා මහ නිළමේ ගම් සභාවට ගොස් ය. උඩගෙදර නිළමේතුමා ඒ වේලාවට නිදයි. උක්කුං මා වලවුවට එන විටත් වලවුවට එන තැන කොස් ගහේ අතු කප්පාදු කරමින් සිටියේය.

අවසන් සඳWhere stories live. Discover now