Chapter 9

1.1K 208 49
                                    


ජාන් නම් හිටියෙ මේ දේවල් හිතාගන්න බැරුව... දෙන්නටම කෙල්ලො දෙන්නෙක් ඉදලත් මේක කරන්න උනානෙ කියලා..

❤️💭දැන් අපි මොකද කරන්නෙ... මම සී එක්ක සම්බන්දයක් නැති උනත් යීබෝ ජෙනීව අත අරියිද ? නැත්තම් යීබෝ අර කිව්වා වගේම ජෙනී එක්ක දිගටම හොරෙන් සම්බන්දෙ අරන් යයිද?

***********************************

දැන් නම් ඔලුවත් රිදෙනවා... කතාවෙන් කතාව බෝතලෙන් තුන්කාලක්ම ඉවරයිනෙ...මන්ද කොහෙද වැඩියෙන් බිව්වෙ, මේ කොල්ලා මොනාද කල්පනා කරන්නෙ, මටත් කියපියකො..

❤️'යීබෝ...'

💚'මොනාද හිතන්නෙ කියලද බලන්නෙ'...

ආහ් මෙයාට හිත් කියවන්නත් පුලුවන් වගේනේ...

💚'ජාන් දැන් මොකද හිතන්නෙ මගෙ කතාවත් දැනගත්තට පස්සෙ,ඔයා මොනාවද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ?...

❤️'අනේමන්දා... මට කරන්න පුලුවන් දෙයක් තිබ්බා නම් අද මේ මැරෙජ් එක වෙන්නෙ නෑනෙ යීබෝ, මගෙ මමා වෙනුවෙන් මම මගේ ජීවිතේම කැප කලා, මන් තව මොනවා කරන්නද'...

💚'ජාන් කැමති නැද්ද ඒ ගර්ල්ව මැරි කරලා සතුටින් ඉන්න'

❤️'ඕන උනත් දැන් බෑනෙ යීබෝ'...

💚'දැන් නෙමේ ඉස්සරහට... තව ටික කලක් ගිහින්'...

❤️' ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නෙ'...

💚'හ්ම්ම්ම්... අපි ටික කාලයක් මෙහෙම ඉමු, මාස කීපයක් මේ ඉන්නවා වගේ අපිට ඉන්න බැරි වෙන එකක් නෑනේ, අපිට පුලුවන් හොඳ යාලුවෝ වෙන්න නේද... කාලයක් ගියාම මමාලා උනත් තේරුම් ගනී මේක ගැලපෙන හරියන දෙයක් නෙමේ කියලා... ඊට පස්සෙ අපි.... අපි ඩිවෝස් වෙලා අලුතින් ජීවිතේ පටන් ගමු...අපි කැමති අයත් එක්ක'

❤️💭ජාන් යීබෝ දිහා බලන් හිටියේ දෙන උත්තරේ හිතාගන්න බැරුව... ඩිවෝස් වෙන්න? ඔයා හරි ලේසියෙන් කිව්වට මේවා ලේසි වැඩ කියලා මට නම් හිතෙන්නෙ නෑ... අනික ඔය ප්ලෑන් එක මමා නිසා ඔයාගෙත් ජීවිතේ කැප කරපු ඔයාගෙ නම් වෙන්න බෑ ,ඒ කෙල්ලගෙ වෙන්න ඇති...

❤️'මැරි කරලා දවසක් යන්නත් කලින් ඩිවෝස් එක ප්ලෑන් කරන පලවෙනි කපල් එක අපි දෙන්නා වෙන්න ඇති නේද යීබෝ...'

Sudden Marriage (yizhan/zhanyi) ✅Where stories live. Discover now