Chapter 29

1K 177 74
                                    


ජාන්ගෙ වචන හදවතම පසාරු කරලා තියෙද්දි තවත් මුරණ්ඩු වෙන්නවත් ජාන්ව රිද්දන්නවත් බැරි නිසාම ඇස් වලින් බේරෙන කඳුලු අතරින්ම යීබෝ ඒක කියලා අනිත් පැත්ත හැරුනෙ ජාන් දොරෙන් එළියට යනවා බලන් ඉන්න බැරි නිසා...

❤️💭මට සමාවෙයන් පණ..උඹට නපුරු වෙන්න මට ඕන නෑ...ඒත් එහෙම නැතුව මට උඹව පිස්සෙක් වෙනවා බලන් ඉන්නත් බෑ...උඹට බැන්නම උඹට වඩා මටයි රිදෙන්නෙ..

💚💭අනේ උදේ වෙද්දි මාව මැරිලාවත් යනව නම්...

**********************************

දවස් දෙකක් ගෙවිලා ගියේ කාටවත් කිසිම සතුටක් නැතුව, හැමෝම අඬ අඬ හූල්ල හූල්ල කාලෙ ගෙව්වෙ හිතුවෙවත් නැති දේවල් උන නිසා සතුට හොරු අරන් ගිහින් තියෙද්දි...

'මහන්සියි බබා....'

'ම්ම්ම්...මටත්...මට උඹ වෙනුවෙන්වත් වෙලාවක් තිබ්බෙ නෑ ශූ..'

පහුගිය ටිකේම යිබෝගෙ වගේම ජාන්ගෙ පස්සෙන් වැටිලා හිටිය බින්ට සහ ශූට එයාලා වෙනුවෙන් කාලයක් තිබ්බෙ නැති නිසාම කාලෙකට පස්සෙ එයාලා වෙනුවෙන් වෙලාවක් වෙන් කරගත්තා... බින්ගෙ ගෙදරට ඇවිත් හිටිය ශූ දුක මහන්සිය කාන්සිය සේරම නැති වෙන්න දෙන්නා එක්ක පැය දෙක තුනක්ම ප්‍රේම ආලිංගන පාලා ආයෙම සුපුරුදු මාතෘකාවට ඇවිත්...

'දැන් කොහොමද ජානාට...'

බින් හිටියේ සෝෆා එකේ දිගා වෙලා ඉන්න ශූගෙ ඇඟ උඩ දිගා වෙලා...

'හ්ම්ම්...එලි වෙච්ච වෙලේ ඉදන් බොනවා නිදියනවා,ආයෙ හවස පටන් අරන් රෑ වෙනකන් බොනවා නිදියනවා, වදෙන් පොරෙන් ටිකක් කවාගන්නවා 'දැන් හෙට මීටින් එකට යීබෝ එනවනෙ ඔහොම යන්න පුලුවන්ද' කියලා බය කරවලා.. ඒත් ඌ පුදුම විදිහට දුක් විදිනවා බන්...'

'කොහොම හිටිය කොල්ලො දෙන්නෙක්ද බිනා අද මේ පිස්සො වෙලා තියෙන්නෙ...යකෝ ඉස්සර යීබෝ ඔෆිස් එද්දි ඔෆිස් එකේ උන් ගුඩ් මෝනින් කියන්නෙත් බිම බලාගෙන, ඌ අඩු ගානෙ වචනෙන් ගුඩ්මෝනින් කියන්නෙත් නෑ ඔලුව යන්තම් හොල්ලලා යනවා මිසක්, ඌ එහෙම අඬනවා තියා අන්තිමට දුක් වෙනවා දැක්කෙත් මැරි කරන්න කියලා ආන්ටි ජාන්ව ප්‍රපෝස් කලාට පස්සෙ... ඒත් හිතුවෙ නැති විදියට උන් ලං උනාම මම හෙන සතුටු උනා බබා...අන්තිමට අර ජෙනී පරට්ටි උන් දෙන්නව කෑවා...'

Sudden Marriage (yizhan/zhanyi) ✅Where stories live. Discover now