Chapter 32

1.1K 180 52
                                    


ටිකක් වෙලා යද්දි දෙන්නටම දන්නෙම නැතිව නින්ද ගිහින් තියෙද්දි දෙන්නගෙ හැටි දන්න නිසාම ලුලූ එලාම් තියලා නැගිටලා ගිහින් දෙන්නවම ඇහැරුවා...හිතකින් නොවුනත් යීබෝ ජාන්ට යන්න දෙද්දි යීබෝව දාලා ලෝබකමින් ජාන් ගියා..යමින් ගමන චූටි කෙල්ල ගැන කියන්නත් අමතක කලේ නෑ...මුලින්ම ඇහුවම ලුලූගෙ ඉහ මොළ රත් වෙලා ගියත් කෙල්ලට තේරුමක් නෑ වගේම නිදමතේ නිසා ප්‍රශ්නයක් නෑ කියලා ඩොක්ටර් කෙනෙක් වෙච්ච ලුලූට මතක් උනා...

***************************************

තවත් දවස් දෙකක් ගෙවිලා ගියා...ජාන් කිව්ව විදියට යීබෝ හිටපු විදියටම හිටියෙ ජාන්ව විශ්වාස කරලා,අනික හැමදාම යීබෝ ජාන්ගෙ අපාර්..නෑ නෑ.. ඒ දෙන්නගෙ අපාර්ට්මන්ට් එකට යන්න වගේම රෑ දොළහට කලින් ගෙදර යන්නත් පුරුදු උනා...

🌞🌻🌞🌻🌞🌻

❤️'බින් මොකෝ තත්වෙ...'

'ජානා...වැඩේ ලේසි නම් නෑ..දන්නවනෙ ප්‍රයිවසි ඉෂූස් තියනවනෙ, ඒත් වැඩේ වෙයි කියලා නම් සෑහෙන ෂුවර් එකක් තියනවා...ඒ හොටෙල් එක ශූගෙ යාලුවෙක්ගෙත් යාලුවෙක්ගෙ...අරූ සීන් එක කියලා අහලා බලන්නම් කිව්වා.. එත් ප්‍රශ්නෙ තියෙන්නෙ කිව්ව දේ ඒකෙ තියෙයිද කියලා...'

❤️'අපි නොදන්නවා උනාට ගොඩක් හොටෙල් වල ඔය සිස්ටම් තියනවා බන්,මොකද ක්‍රයිම් එකක් එහෙම උනාම ඕන වෙනවනෙ. අයුතු විදියට පාවිච්චි කරන්නෙ නැතුව ඇති තහනම් නිසා,ඒත් දැන් තියන හොටෙල් වල ගොඩක්ම ඒක කරනවා ආරක්ෂාවටයි ප්‍රශ්නයක් උනොත් ඒවටයි...'

'ම්ම්ම්...හෙට හවස වෙද්දි උත්තරයක් ලැබෙයි බන්...උඹ යීබෝට කිව්වද...'

❤️'නෑ බන්...දැන් ටිකක් හොඳ වේගෙන එන්න ගත්තා විතරයි, දැන්ම ප්‍රෙශර් එකක් දෙන්න බෑ... අපි හරියට දැනගත්තම සාක්ෂි එක්කම කියමු...අර මිනිහව ලොක්අප් කරමු...නැත්නම් මේවා ඇවිස්සෙද්දි මිනිහව අතුරුදහන් කරලා ඒක යට ගහයි ජෙනීගෙ තාත්තා...'

'ම්ම්ම්...මම එහෙනම් පොලිසියට ගිහිල්ලා ඒ වැඩේ බලලා ශූවත් මීට් වෙලා එන්නම්..අද යීබෝ එනවා නම් කියපන් මම ගෙදර යන්නම්...'

❤️'එනවා කියලා නම් කිව්වා...මේ..කමක් නෑ අවුලක් නෑ උඹ වරෙන්...'

'අනේ පල හු#තෝ යනින පානිය දාන්නෙ නැතුව..එහෙනම් මම එහෙම්මම ගෙදර ගියා...'

Sudden Marriage (yizhan/zhanyi) ✅Where stories live. Discover now