Chapter 08

3.3K 478 25
                                    

සිගරට් බොන එය දිහා බලන් ඉන්න බැරි කමට මම වාහනෙන් බැස්සෙ එයාට පිටිපස්සෙන් තුරුළු වෙන ගමන්.

"ඕවා බොන්න එපා මහත්තයා."

මම එයාගෙ කටේ තිබුණ සිගරට් එක හෙමින් මගෙ අතර ගත්තෙ ඒ පපුවට හාදුවක් දෙන ගමන්. සිගරට් එක විසි කරපු මම එයාගෙ පපුවට තුරුල් උනත් එයාගෙ අත් මගෙ වටේ එතුනෙ නෑ. මම ආපහු එයාගෙ අත් දෙක මගෙ ඉන වටේ ඔතාගත්තෙ එයා ලොකු හුස්මක් අරන් මාව තදින් තුරුළු කරගන්නකොට.
ටික වෙලාවක් එහෙම හිටිය එයා මට කතා කරේ මාව ඒ පපුවෙන් මුදවන ගමන්.

"නගින්න. ගිහින් දාන්න."

එයා කියනකොට මම ගිහින් වාහනේට නැග්ගෙ එයා වාහනේ ස්ටාර්ට් කරගන්නකොට. මාව ගේ ළඟින් දැම්ම එයා ගියේ මම වෙනදා වගේම ඒ නළලට හාදුවක් දුන්නට පස්සෙ.

"පරිස්සමින් යන්න මහත්තයා."

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

සතියක්ම ගෙවිලා ගියා. අදත් හොටෙල් එකේ ක්ලබ් එකේ වැඩ අපිට තිබුණේ. ඩස්ට්බින් එක අස් කරලා මම වොශ්රූම් තියෙන පැත්තෙන් ආවෙ අත් දෙකත් සෝදගන්න හිතාගෙන. අත් දෙක සෝදගත්ත මම අනිත් පැත්ත හැරෙනකොටම මාව එක පාරට එතන බිත්තියකට හේත්තු උනේ ඇහි පිය ගහන්නත් කලින්. ඒ හිටියෙ අර රවීන් කියන එයාගෙ යාළුවා. මගෙ මූණට එබිලා ඉන්න ඒ මිනිහගෙන් බේරෙන්න මම දඟලද්දි රවීන් කියන කෙනා තව ටිකක් මගෙ මූණට එබුනෙ මම මූණ අනිත් පැත්තට හරවගන්නකොට.

"අනේ පින්සිද්ධ වෙයි දෙයියනේ. මට යන්න දෙන්න සර්."

"මොකද උඹගෙ දැඟලිල්ල ආ.."

තව ටිකක් මාව බිත්තියට තද කරන ගමන් ඒ මනුස්සයා ඇහුවෙ බයටම මාව වෙවුලනකොට. මේ හරියෙ කවුරුත් නෑ වගේම මේ මනුස්සයා හොඳටම බීලා හිටියත් මට මේ මනුස්සයා එක්ක හැරෙන්නවත් බෑ.

"මොකද මේව දෙන්නෙ අරූට විතරද?"

මගෙ බෙල්ලට පහත් වෙන්න හදනකොට මම කකුල් ගස ගස දැඟලුවෙ මගෙ අත් දෙක ඒ මිනිහා බිත්තියට උඩින් අල්ලන් ඉද්දි. අනිත් අතින් මගෙ මූණෙන් අල්ලගෙන තොල් වලට පාත් වෙන්න හදනකොට මම කකුලෙන් ඒ මනුස්සයගෙ යටිකයට ගැහුවෙ මගෙ අත් නිදහස් වෙනකොට. එහෙන්මම මම දුවන්න හැදුවත් මාව ආපහු ඒ මනුස්සයා දුවන්න ගිය මගෙ අතින් අල්ලගනිද්දි බිම තිබුණ ඩස්ට්බින් එකෙන් ඔළුවට ගැහුවෙ මගෙ අත අතෑරෙනකොට. ඒ ක්ෂණයෙන්ම මම දුවගෙන එද්දි ඒ මනුස්සයා කෑ ගහලා කිව්ව දේ මට යන්තමට ඇහුනා.

⚡AFTER THE STORM⚡|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now