Chapter 47

4.5K 408 76
                                    

මාස දෙකකට පසු,

පුතාව හම්බවෙන්න හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කියලා අද දින දීලා තියෙද්දි එයා මාවත් එක්කගෙන හොස්පිට්ල් එකට ආවෙ එයා මාව අතින් අල්ලගෙන හොස්පිට්ල් එක ඇතුළට එක්කගෙන යද්දි.

"මහත්තයා. මට බයයි."

අමාරුවෙන් ඇඳ ළඟ තිබුණු පුටුවෙන් වාඩි වෙලා හිටිය මම කියද්දි එයා මගෙ ළඟට ආවෙ මම එයාගෙ බඩේ මූණ හංඟගනිද්දි.

"මම ඉන්නවනෙ මගෙ පණ."

මගෙ ඔළුව පිරිමදින ගමන් එයා කියද්දි මම එයාගෙ අතට වාරු වෙලා හිට ගත්තෙ කොන්දට අත තියාගෙන.

"මන් ඉන්නවා රත්තරන්. මගෙ නෙළුම් මලට පුළුවන්."

එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංඟගත්ත මාව තුරුළු කරගෙන පිට පිරිමදින ගමන් එයා කියද්දි මම අහගෙන හිටියෙ එයාට වාරු වෙලා.

එන්න එන්න රෑ වෙද්දි වෙනදට නොදැනෙන වේදනාවක් කොන්දෙන් දැනෙද්දි මම ළඟ හිටිය මහත්තයගෙ අතක් තදින් මිරිකගත්තෙ වේදනාවටම දාඩිය දාද්දි. පැය ගානක් යනකනුත් වේදනාව අඩු නොවෙද්දි ඇස් වලින් කඳුළු වැටුනෙ මහත්තයා මාව තුරුළු කරගෙන කොන්ද අතගාද්දි.

"අනේ මහත්..තයා.. රිදෙ..නවනෙ."

පාන්දර එක වෙන්නත් තව විනාඩි ගානක් තියෙද්දි කොන්දෙන් දැනෙන වේදනාවත් එක්කම පුතා දඟලනවා වැඩි වෙද්දි කුසෙන් දැනෙන වේදනාවත් දරා ගන්න බැරි උන මම කෑ ගහලා ඇඬුවෙ මාව ඩිලිවරි රූම් එකට අරගෙන යද්දි. මහත්තයත් මාත් එක්කම ඇතුළට ආවෙ මම පැය ගානක් ඒ අත අල්ලගෙන වේදනාවෙන් කෑ ගහද්දි.

"ආආආහ්.."

මුළු ඇඟම දාඩියෙන් පෙඟිලා තියෙද්දි බෙල්ලෙ නහර උලුප්පගෙන වේදනාව දරාගත්තෙ මහත්තයගෙ අත කැඩෙන්න තරම් තදින් මම මිරිකගෙන ඉද්දි.

"ඉවසන්න මගෙ පණ. පැටියා වෙනුවෙන්."

සැරෙන් සැරේ නළලට ලැබෙන එයාගෙ හාදු එක්ක පැය ගානක වේදනාව අවසන් උනේ අපේ පැටියා අඬනවා ඇහෙද්දි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⚡AFTER THE STORM⚡|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now