"ඇයි මේ?"
මගෙ ඇස් වල කඳුළු දැක්ක එයා ගැස්සිලා අහද්දි මම ඒ ශක්තිමත් පපුවට සෑහෙන වෙලාවක් තොල් තද කරගෙන හිටියෙ කවදාවත් නොදැනුනු මූසල හැඟීමක් හිත වෙලා ගනිද්දි.
පරක්කු වෙන නිසාම මම අකමැත්තෙන්ම එයාගෙන් අයින් වෙද්දි එයා එක්කම වාහනෙන් හොටෙල් එකට ආවෙ හිතට දැනුන මූසල හැඟීම තවමත් හිතෙන් අයින් වෙලා නොයද්දි. එයා කෙලින්ම උඩම තට්ටුවට ගියේ මම පහළින් නවතිද්දි.
හවස් වෙන්න හවස් වෙන්න උදේ ඉඳන්ම හිතට දැනුනු නොසන්සුන් බව තවත් වැඩි වෙද්දි මම එයාව හොයාගෙන ගියේ උදේ දැක්කට පස්සෙ එක පාරක්වත් තාම එයාව දැක්කෙ නැති නිසා. වෙනදට එයා මට කතා කරත් අද තාත්තගෙ බර්ත්ඩේ එකේ හැම වැඩක්ම එයා බලන්න ඕන නිසාම එයාට අද හුස්මක් ගන්නවත් වෙලාව නැතුව ඇති. කැබින් එක ඉස්සරහට ගිය මම දොරට තට්ටු කරන්නත් හදලා ආපහු අත ගත්තෙ ඇතුළෙන් ඇහුණු කටහඬක් නිසා.
එයා මොනවා හරි අද පාර්ටිය ගැන කාත් එක්ක හරි කතා කරනවා. ඒ අස්සෙ මම එතනට යන එක හරි නැති නිසා කලබල වෙලා තියෙන හිතත් සන්සුන් කරගෙන මම ආපහු යන්න හැරෙනවත් එක්කම කැබින් එකේ දොර ඇරුනෙ එයා තව කෙනෙක් එක්ක එළියට එද්දි. දොර ළඟ ඉන්න මාව දැක්ක එයා එක්ක ආව කෙනාගෙ පිටට තට්ටු කරලා කතා කරද්දි මම ටිකක් මෙහාට වෙලා හිටියා.
" ඒ වැඩේ බලපන් එහෙනම්."
ඒ කෙනා යද්දි එයා මගෙ ළඟට ආවෙ සාක්කු දෙකේ අත් දෙක දාගෙන.
"ඇයි බබා."
එයා අහද්දි මම උත්තර බැන්ඳෙ එයා දිහාම බලාගෙන.
"මන් යන්නද මහත්තයා. දැන් හවස් වෙලානෙ දෙනෙත් කතා කරලා ඇහුවා එනවද කියලා."
"එන්න බලන්න."
මම කියද්දි එයා මගෙ අතින් අල්ලන් කැබින් එක ඇතුළට ආවෙ කාට හරි කෝල් එකක් ගන්න ගමන්.
"සෙනරත්. තව විනාඩි පහළොවෙන් හොටෙල් එක ගාවට එන්න. එක්කන් යන්න කෙනෙක් ඉන්නවා."
එයා කෝල් එක අරන් කියද්දි මම පිටිපස්සෙන් එයාට තුරුළු උනේ හිතට දැනෙන අමුතු හැඟීම එන්න එන්න වැඩි වෙද්දි.
YOU ARE READING
⚡AFTER THE STORM⚡|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfictionමා ප්‍රේමය ගැන බොහෝ දේ නොදනිමි... එහෙත් ප්‍රේමය අන් කිසිවකටත් වඩා ගැඹුරු බව මම දනිමි... එබැවින්, නොදැන ගිලෙමි, මියයමි... (උපුටා ගැනීමකි.) ~❤️❤️ •°• ✿ සෙල්ලක්කාර ඇස් වල අතරමං උන අහිංසක ඇස් වල කතාව ✿ •°•...