_°01°_

240 27 3
                                    


අලුත් ටවුන් එකක්

අලුත් ගෙදරක්

අලුත් බයික් එකක්

අලුත් ඉස්කෝලයක්

අලුත් පන්තියක්

අලුත් යාලුවො

ඒවගේම දැන් මට ඕනෙම දේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්

යාහ්..වයි ආ යූ ලුකින් ඇට් මී ලයික් දිස්

ආම් නොට් අ ප්ලේ බෝයි බට් එනෆ් දැං ඇති හොදටෝම ඇති...මේ ජීවිතේ මට ඇති වෙලා

නැගිටිනවා, කනව, බොනවා ,ඉස්කෝලෙ යනවා, පාඩම් කරනවා එන්ජෝයි කරනවා ,නිදාගන්නවා

ෆක් දිස් ලයිෆ්

අයි වොන්න ලව් ටු සම්වන්

මට ඕනෙ ආදරේ කරන්න...ඇත්තටම ආදරේ

දරාගන්න අමාරු උනාම බදාගන්න..

වචනෙන් නොකීව දේ දැනෙන්න අරින්න

කඩාවැටෙන තැන්වලදි උරහිසෙන් ඔලුව තියාගන්න

ඔලුව රිදෙන මොහොතකදි ඒ උකුලෙන් ඔලුව තියාගන්න...

ඒ සිනිදු ඇගිලි මේ කොණ්ඩෙ අස්සෙන් හිමින් සීරුවෙ යනවා දැනෙනකොට ඇස් පියාගෙන වෙනම ලෝකෙකට යන්න

අපිට කතා කරන්න තවදුරටත් වචන අමතක වෙනකන් ලෝකෙ කෙලවරටම යනකන් ඒ ඇස් දිහා බලාන කතා ගොතන්න

හමුවෙන්න යන හැම දවසකම පුංචි කැලෑ මලක් අරගෙන යන්න

එයාට පුංචි පුංචි ආදරණීයම තෑගි දීලා ඒ ඈස් සතුටින් හිනාවෙනවා දකින්න

එයා ආසම තෝඩු දෙකක් කනේ පළදලා සංසාරෙටම එයාගෙ උරුමක්කාරයා වෙන්න

දරාගන්න බැරි තරමටම ආදරේ දීලා නලලතින් තියන එකම එක හාදුවකින් එයාව පුපුරවලා දාන්න

කොටින්ම මට දැං ඔනේ මට ආදරේ කරන මං ආදරේ කරන ගෑණු ආත්මකයක ඇස් දෙක දිහා බලාන ඉන්න

බලාගෙන ඉදලා අතරමං වෙන්න

ඇස් ගැන කතා කලොත් යාලුවා...ඇස් කියන්නෙම කලාවක්

සමහරක් ඇස් අපි පොඩි කාලෙ සෙල්ලම් කරපු පලිගු බෝල වගේ..දිලිසෙනවා..ඒවයෙ ඉක්මනින් කදුලු පිරෙනවා

තවත් සමහරක් ඒවා තියෙනවා ගැඹුරු සාගර පතුල වගේ..ගැඹුරුයි..සන්සුන් වගේම නිසලයි

ඔය අතරෙ ගිනි කන්දකින් කඩාහලෙන ලාවා වගේ ඇස්

ලෝක මහා සංග්‍රාමයක් වගේ බලන්නත් බය හිතෙන ඇස් නැතුවම නෙවෙයි

ඒත් ඇස් කියන්නෙම ලෝකයක්

ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවනං ඔයා

පාසි පාට ඇස් දෙකකට

ගැඹුරු සාගරයක් වගේ ඇස් දෙකකට

මායාකාරයෙක්ගේ මායා පලිගු බෝලයක් වගේ දිලිසෙන ඇස් දෙකකට

කෝපි පාට ඇස් දෙකකට

ගිනි කන්දක ලාවා වගේ ඇස් දෙකකට දැනටමත් ආදරේ කරන්න පුලුවං

ඒත් මගේ යාලුවා දවසක් එනවා

ඔයා මොන ජාතියෙ ඇස් දෙකකට වහ වැටිල ඉදියත්

එක රියල් ලයිෆ් ඇස් දෙකක් ඔයාගෙ ඉස්සරහට එනවා

අන්න එදාට

අපි අතරමං එනවා

මමත් අතරමං උනා..ඒත් ඒවා

ඒ ඇස්

ඒවා මරියානා ආගාධය තරම්ම ගැඹුරුයි

________________________________________________________________________________

Don't go tonight
Stay here one more time
Remind me what it's like, oh
And let's fall in love one more time
I need you now by my side
It tears me up when you turn me down
I'm begging please, just stick around

Your Eyes Tell_♡Where stories live. Discover now