_°02°_

174 28 3
                                    


ඒ ඇස් ඒවා මගේ ඇස් ඉස්සරහට ආපු දවස මට කවදාවත් අමතක නෑ අමතක වෙන එකක් නෑ අමතක වෙන්න දෙන්නෙත් නෑ

ඒත් මෙතන ලොකු ප්‍රශ්නයක් තිබුනා

මරියානා ඇස් වල අයිතිකාරයා මං මෙතෙක් දවස් බලාන උන්න මගේ ආදරී නෙවෙයි..

ආදරී???

ඒ ඇස් ඉස්සරහ ආදරී කියන වචනෙ මං හිතන්නෙ මං අමතක කලා..උවමනාවෙන්ම අමතක කලා..

මොකද මරියානා ආගාධයක් වෙච්ච ඒ කලු ඇස්වල අයිතිකාරයා එයා..මං බලං ඉදපු මං පෙරුම් පුරපු විදිහෙ කෙනෙක් උනේ නෑ..

කොටින්ම කිව්වොත් එයා ලබැදියක් උනේ නෑ..

එයා පිරිමි ලමයෙක්

මං හිතන්නෙ අපි දෙන්නම එක වයසෙ වගේ

හැබැයි මේක වෙන්නෙ නෑ

එයා කොල්ලෙක්

ඒත් ඒ ඇස්..මං හිතන්නෙ නෑ මට මුලු ජිවිත කාලෙම උත්සහ කලත් ඒ ඇස් වලින් බේරුමක් තියෙයි කියලා

මං හිතන්නෙ මං කිව්වා නේද ? ඒවා ම රි යා නා ආ ගා දෙ වගෙයි...

ආයිත් කියන්නද

ඒවා

ම රි යා නා ආ ගා දෙ වගේමයි

ඒකියන්නෙ හිස්

සම්පූර්ණෙන්ම හිස්

පතුලක් නොපෙනෙන තරමටම හිස්

මේ ජීවිතේ මගේ කීවෙනි ජීවිතේද කියලා මං දන්නෑ හැබැයි මට විශ්වාසයි ඒ මොන ජීවිතේක වත් මං හිතන්නෑ මේතරම් ගැඹුරක් දැකල ඇති කියලා

මම මේ සිතුවම් ජීවිතේ පලවෙනි වතාවට ඒතරම්ම හිස් ඇස් දෙකක් දැක්කා

ඒ තරම්ම ගැබුරු ඇස් දෙකක් දැක්කා

ඇස් කියවන එක කලාවක් යාලුවා

කෙනෙක් ඔයාට වචනෙන් නොකීව දෙයක් තියේද..ට්‍රස්‍ට් මී යාලුවා බලන්න කෙලින්ම එයාගෙ ඇස් දිහා

සමහර විට එයාගෙ ඇස් කියාවි

"කරුණාකර මාව වැලදගන්නවද?"

"මට හරිම මහන්සියි"

"මං ඔයා වෙනුවෙන් බලන් ඉදියා"

"ඔයා දන්නවද මං හරිම සතුටින්"

"අනේ මං දිහා බලන්න එපා මට හරිම ලැජ්ජයි"

වගේ දෙයක් එහෙම නැත්තං ඒ ඇස් කියන්න යන්නෙ ඔයා මුලු ජීවිත කාලෙම බලාන ඉදපු වචන තුන වෙන්න පුලුවං

සමහර විට ඒ

"ම ං ඔ යා ට ආ ද රෙ යි"

වෙන්න පුලුවං...ඉතිං මං කියනවට යන්න ගිහින් බලන්න..ඔයාගේ ආදරණීයයාගෙ ඇස් ඔයා වෙනුවෙන් බලාන ඉන්නවා වෙන්න පුලුවං

එහෙම බැලුවොත් මම ඇස් කියවන එක ගැන විසේසඥයෙක්

ඒත්

පලවෙනි පාරට මට ඇස් දෙකක් කියවන්න බැරි තරමටම හිස් වෙච්ච ඇස් දෙකක් දැක්කා

කියවන්න දෙයක් නැති තරමටම හිස් උනු ඇස් දෙකක් දැක්කා

ඉතිං මං ඒවා පුරවන්න ඕනෙද

බැහැ බැහැ..එතකොට මගේ මරියානා ඇස්

මං ඒවා පිරෙව්වොත් මං ආස ඇස් නැතිවෙලා යාවි..

ඒවයෙ හිස් බව නැතිවෙලා පිරිලා යාවි

මට බෑ

සිතුවම් මේක ගලාගෙන යනවා වැරදියි

මේ ඔයාගේ ආදරී නෙවෙයි

මේ කොල්ලෙක්

ඔයාත් කොල්ලෙක්

ඔයාට බෑ සිතුවම්

ඊටත් වඩා ඔයා මේ අගය කරන මරියානා ඇස් වල අයිතිකාරයා දැං ඉන්නෙ ඔයාගෙ තොල් පුපුරලා යන තරම් තද පාරක් ගහන ගමන්

___________________________________________________

I'm sorry, don't leave me, I want you here with me
I know that your love is gone
I can't breathe, I'm so weak, I know this isn't easy
Don't tell me that your love is gone
That your love is gone

Your Eyes Tell_♡Where stories live. Discover now