45

3.5K 548 303
                                    

45

හෙමි හෙමින් මට ලං වීලා....

නුබ ගියා සුලඟක් වීලා....

ඒ කාලේ මතකය මා හා ලං වෙලා

රිදවූවා ඇති තරම්...

ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැන දැනත්..

රිදවූවා මදිදෝ තවත්....

හෙමි හෙමින් මට ලං වීලා....

නුබ ගියා සුලඟක් වීලා....

මේ පාලු කතරෙහි මා තනිවෙලා

ඇඬුවා ඉකිගසන්...

ඒ නෑසුනේ ඔබට පමණයි ඉතින්

නෑ මෙලොවෙහි තව කෙනෙක්..

මිරිඟුවක් වී මාව රවටාලා

නොමර මැරුවා ආදරෙන් වෙලලා....

හෙමි හෙමින් මට ලං වීලා....

නුබ ගියා සුලඟක් වීලා....

(පුලුවන් අය සිංදුව අහලා එන්න... බනීබෝයි කියනවා කියලා හිතාගෙන.. 🥺 )

........................................

"ස්කොට්.. අද රියා එනවා කිව්වා.. මං එළියට යනවා.. එනකන් ටිකක් එයා ගැන බලපන්.... "

මාස්ටර් එහෙම කියලා ගිහින් කාර් එකට නැග්ගේ මගේ දිහා හැරිලාවත් නොබලා... එයාට මාව ඒ තරම් අපිරියාවෙන්න තරම් මං ලොකු වරදක් කලාද.... වෙනදාට හැම උදේකම එයාට ගුඩ් මෝනින් කියද්දී මා එක්ක හිනා වෙලා ගුඩ් මෝනින් කිව්ව එයාම අද මට මූසලයිලු.. එයාගේ දවසම මූසල කරාලූ... මට.... ඒ වචන දරාගන්න බෑ දෙයියනේ... මට ආදරේ දුන්න එයාම අද මෙහෙම වෛර කරද්දී මට දරාගන්න බෑ.. එයාට තිබුනා මාව මෙහෙම අත අරිනවා නම් මුල ඉදන්ම මට රිද්දන්න.. මුල ඉදන්ම මට මෙහෙම සලකන්න.... එහෙම නැතුව ආදරේ මහමෙරක් තරම් දීලා මෙහෙම අත අරිද්දී මං කොහොමද දෙයියනේ දරාගන්නේ... මට... මට ඒක කියලා යන්න ලියෝ......

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now