50

3.7K 571 287
                                    

50  (බෝනස්)

"Anyway congratulations Master !!! " 

මිනිහෙක් අසනීප උනාම congratulations කියන්නේ මොන ලෝකෙද....

"තමුසෙට පිස්සුද හලෝ... ලෙඩ උනහම මනුස්සයෙක්ට congratulations කියන්න.. මට දවස් ගාණකින් නින්දක් නෑ.. ඒකට බෙහෙත් ගන්න තමුසෙට එන්න කිව්වේ.."

මං ඩොකාව මරන් කන්න සයිස් එකේ බැල්මක් දාලා පුටුවෙන් වාඩි වෙද්දී මං දැක්කා ඩොකා බය වෙලා ඉක්මන්ට අත අකුලගන්නවා.... මුට වයර් මාරු වෙලා....

"දවස් කීයක ඉදන්ද මාස්ටර්.... "

"දැන් සති දෙක තුනක ඉදන්.... "

මං කියද්දී ඩොක්ටර් මගේ ඇස් එහෙම චෙක් කරලා ආයේ ලාවට හිනා උනා.. මේ මිනිහාට දැන් මගේ ලෙඩේ විහිලුවක් වගේද....

"මාස්ටර්ට මිස්ටර් සීන් කරදර කරනවා වගේ.. වැඩිය හිතන්න එපා මාස්ටර්.. මේ කාලෙට ඉතින් ඔහොම තමයි... "

මිස්ටර් සීන්...?? කරදර කරනවා..?? ඔව් ඉතින් ඇත්තටම හේතුව නම් ඒක තමයි... ආ ඩොක්ටර් දන් නෑනේ එයා ගියා කියලා... මූ හිතනවා ඇති මං නිදිමරන් එයා එක්ක රෑ වැඩ කියලා.....

"මං බෙහෙත් දෙන්නම් මාස්ටර්.. රෑට මේක බොන්න.. නින්ද යයි.. ඔලුවේ කැක්කුමටත් මං බෙහෙත් දෙන්නම්.. ඒ එක්කම මං විටමින් එකකුත් දෙන්නම්.. "

"ම්න්. "

ඩොක්ටර් මගේ බෙහෙත් ටික ඔක්කෝම දීලා ආයේ මා එක්ක හිනා උනා... මූ ගංජා ගහලාද.... වෙනදාට මේ මිනිහා මා එක්ක හිනා වෙනවා තියා කෙලින් මූණ දිහා බලන්නත් බයයි....

"මාස්ටර්.... කෝ මිස්ටර් සීන් ඉන්නවාද....."

"නෑ... එයා ගියා.... "

මං කියද්දී ඩොක්ටර්ගේ මූණ එක පාරට සම්පුර්ණෙන් වෙනස් උනා... අර මෙච්චරවෙලා තිබ්බ මොංගල් හිනාව නැත්තටම නැති උනා...

"ග්.. ගියා ක්.. කිව්වේ මාස්ටර්.... "

මෙච්චර වෙලා හොඳට කතා කරපු මිනිහාට ගොත ගැහෙද්දී මං ඩොක්ටර් දිහා බලලා ඇහිබැමක් ඉස්සුවා...

"එයාගේ ඇග්‍රිමන්ට් ඉවරයි ඩොක්ටර්.. පෙරේදා එයා මෙහෙන් ගියා..... "

"ම්.. මො..මොකක්... න්.. නෑ..... වෙන්න බෑ..."

ඩොක්ටර්ගේ මූණ බලන් ඉද්දී කලු වෙලා ගියා... යකෙක් දැක්කා වගේ බයකින් ඒ මනුස්සයාගේ මූණ වෙනස් වෙලා ගියා.... මං ඩොක්ටර් දිහාට දැම්මේ ප්‍රශ්නාර්ත බැල්මක්.....

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now