58

3.9K 562 174
                                    

58

මං හිතන්නේ මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ ලස්සනම කාලේ වෙන්න ඇති.. මගේ හස්බන්ඩ්... මගේ දරුවා එක්ක පවුලක් විදිහට ජීවත් වෙන ලස්සනම කාලේ..... ආදරේ පිරුන සෙනෙහෙවන්ත බැඳීමක් එක්ක මට දැනෙනවා මං ජීවත් වෙනවා කියලා.... මගේ හිතට දැනෙන්නේ පුදුම තරම් සැහැල්ලුවක්..... සතුටක්.... කවදාහරි විඳින්න මං හීන මවපු ජීවිතේ මං දැන් විඳින ගමන්...... ඉතින් මනුස්සයෙක්ට මීට වඩා තව මොනාද......

දැන් අපේ වෙඩින් එක තිබිලා මාස දෙකකට වැඩියි.... පැරිස් වල අපි ලොකු කාලයක් ගත කලේ නෑ.. දවස් තුනක් අපි තුන්දෙනා එහේ හිටියා.. ගිය පාර ඉතාලි ගියා වගේ නම් සතියක් නිදහසේ ඇති වෙනකන් ඇවිද්දේ නෑ.. අඩුම අපි අයිෆල් ටවර් එකට නැග්ගෙත් නෑ.... ලොකුම හේතුව අපේ පුතා.. අපි වැඩිය මහන්සි නොවෙන තැන්වල ඇවිද්දා...

එහේ seine river එකේ අපි බෝට්ටු සවාරියක් ගියා.. ඒකට මං ආසයි... මට එවලේ අපි ඉතාලි ගිහින් ගිය බෝට්ටු සවාරියත් මතක් උනා. තව චොක්ලට් කෑවා... වයින් ගාඩ්න් එකට ගියා... ඔය වගේ පොඩි දේවල් තමයි... එහෙ ඉදපු දවස් තුනකට පස්සේ අපි ආයේ කෙලින්ම ආවේ ලන්ඩන් වලට... අපි ආයේ ඉතාලි ගියේ නෑ...

අපි ලන්ඩන් එද්දී මගේ අම්මායි නංගියි රෙනුයි ලන්ඩන් ඇවිත් හිටියා.... අම්මායි නංගියි දැන් ඉන්නේ මාස්ටර් අපිට කලින් අරන් දුන්න ගෙදර.. එහෙ උයන්න පිහන්න මේරිව දීලා තියෙන්නේ.... නංගි දැන් මෙහේ යුනිවර්සිටි යනවා....

රෙන් දැන් බ්ලැක් පර්ල් එකේ HR මැනේජර් විදිහට වැඩ කරනවා.. ඌට මාස්ටර් වෙනම හොටෙල් එකක් පවා හදලා දෙන්න හැදුවා.. මොකද අද අපි මෙහෙම හිනා වෙලා ඉන්න එකම හේතුව ඌ... මං අසරණම උන වෙලාවෙ මට හිටිය එකම පිහිට ඌ... ඒත් ඒකා එහෙම හොටෙල් එකක් ඕනි නෑ කිව්වා.. රෙන් ඒක ප්‍රතික්ශේප කලා.. රෙන් කිව්වෙ එයා ඒක ගත්තොත් එයා මං වෙනුවෙන් කලේ උදව්වක් නෙමෙයි වෙනවලු.. ඒක ගනුදෙනුවක් වෙනවලූ. ඉතින් මාස්ටර් උගේ මතේට ගරු කරලා රෙන්ට ප්‍රමොශන් එකක් දුන්නා....

එතකොට අපි... මමයි මාස්ටරුයි පුතායි.. අපි තුන්දෙනා ඉන්නේ ඩාක් මැන්ශන් එකේ... හැමදාම වගේ තර්ඩ් ෆ්ලෝ එකේ.. වෙනසකට තියෙන්නේ අපි තුන් දෙනාම ඉන්නේ මාස්ටර්ගේ බෙඩ් රූම් එකේ... මොනා උනත් මං මේ ගෙදරට ආදරෙයි... මේක විශාල මැන්ශන් එකක් උනත් මට මේ තර්ඩ් ෆ්ලෝ එක අපේ ගෙදර උනා...

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now