"උඹලා දෙන්නා මට කියපන් දැන් මෙතන වෙන දේ. කවුද අරු..."
අපි දෙන්නා කොටු වුනා. මමයි ඌයි ත්‍රිබල් ඇද උඩ ඉදගෙන ඉන්නවා. වෙනදා වගෙම. පොඩි කාලේ ඉදන් අපේ අයියා වුනෙ විශු. අපි වැරැද්දක් කරලා අහු වුනාම එයාට කේන්ති ගියාම අපි දෙන්නා ඇද උඩ ඉදගෙන එයා දිහා එක එල්ලෙ බලන් ඉන්නවා. මෙහෙමයි අපි එහෙම හිටියෙ නැති දවසක් නෑ ඇත්තටම අපි දග වැඩ වලව නම ගිය ජොඩුවක්. අදටත් ඉස්කෝලේ මිස්ලා සර්ලා අපිව දැක්කොත් 'කෝ උඹේ භාගේ..' එහෙමයි අහන්නෙ. එත් මූ තුන් කල්ලිය ඇතුලෙ හැමවෙලාවෙම මගෙ නිවුන්නා පරිණත වෙද්දි අපි දෙන්නා මෝඩයෝ.
"දැන් කවුරුත් කැමැත්තෙන් කියන්නෙ නැත්තම් මම උත්තර බදින්න කෙනෙක් සිලේක්ට් කර ගන්නම්"
"මම උත්තර දෙන්නම්..." මම අත උස්සලා පොඩි එකෙක් වගෙ උඩ පැන්නා.
"නෑ උඹ කවදාවත් නැතුව මෙහෙම ඉස්සරහට එන එකම වැරැද්දක්. ඒ නිසා ජුන්ඩා... අපි පටන් ගමු."
"දැන් විශු ඔයා මට හරි දගයට හරි ඉදිරිපත් වෙන්න කියලා දැන් මොන මගුලක්ද මාව කොටු කරන්නෙ."
"මම කියන ඒවා එහෙම්ම වෙනවා නම් මෙලාහකට තෝ සොහොනෙ..."
"අනේ නිකන් ඉදාම් විශුවෝ. මට මහන්සි මම නිදි."
සියලු සංස්කාර ධර්මයෝ අනියතයි කියලා මමත් අරුව බදාගෙන නිදාගන්න ගියා. දැන් වෙන දේ අපි දෙන්නම දන්නවා. එක්කො අතේ තියන එකකින් ගහනවා නැත්තම් වතුර ගෙනත් හලනවා. එත් බං මේකට වතුර හලන්නෙ නෑ. මොකද මේක අනුන්ගෙ. අපේ එකාට ඔය පිරිසිදු කම වැඩියෙන් ඕනේ කියන්නෙ අර මොකක්ද ලෙඩේ එක තියෙද කියලා වෙදාට කියලා චෙක් කර ගන්න ඕනේ
"නැත්තම් මම හොයාගෙන යන්නද සුව අරණේ කෞෂි අක්කව."
"දැන් ඔයා ඔය මොකක්ද කරන්න හදන්නෙ."
"දගයෝ මම මේ ගැන කිසිම සතුටකින් නෑ... උඹ ඉදලා ඉදලා මෙතනත් මල ගෙයක් කරන්න යන්නෙ."
"මම මල ගේ කරන්නෙ ඇයි? මම ඇත්තටම ආදරේයි ඇයි උඹට බැරි මගෙ පැත්තෙන් හිටගන්න."
"දගයෝ..."
"බැරි නම් කමක් නෑ බකට් නොදා පැත්තකට වෙලා ඉදපම්. විශු උඹ මගෙ අයියා. නැතිව කෞෂිගෙ මල්ලි නෙවේ..."
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️