63

541 115 38
                                    

"ඩැඩා... මට නාන්න ඕලේ..." නුවර වැව අයිනේ කාර් එක නවත්තපු මම කැමරාවත් එළියට අරගෙන වැව් කණ්ඩියට පැන්නේ ලොකු හුස්මක් ගන්න හිතාගෙන... මම මෙතනට ආව පළවෙනි පාර වගෙ මම දැන් සතුටු වෙන්නෙ. මට මහ ලොකු ලොකු දේවල් ඕනේ නෑ. එත් මම ලොකු හුස්මක් අරන් කැමරාව වැව වටේ ෆෝකස් කරද්දිම තදනගෙ කට හඩ ඇහුනා.

"තදේ තාත්ති එක්ක යමු..."

"ඔයා මාව එක්ක යම්නේ නා... ඩැඩා මට ආදලෙයි... එලා එක්ක යනෝ..."

"ඔහෝ... කිව්වනෙ මම ඔයාව එක්ක යනවා කියලා..." තදේගෙ ඉණ වටේට අත දලා එයා තදේගෙ උඩ ෂර්ට් එක ගැලෙව්වා.. කලිසමත් ගලවලා ශෝට පිටින් කොල්ලාගෙ කොණ්ඩේ හැදුවා. මගෙ සප්තලම් හරි ලස්සනට ඒවා ශූට් කරේ...

පොඩ්ඩාව ලෑස්ති කරලා ලොකු එයාගෙ ටී එක ගැලෙව්වා. මමත් මේ අදක ඊයෙක දකින දෙයක් වගෙ බලන් හිටියට මම ඕක අනන්තවත් දැකලා තියෙනවා.

මගෙ දිහා එයා බලලා හිනා වුන විදිය මම සෙනිකව කැමරාවට ගත්තෙ. ඒ හිනාව හරි දුර්ලභ දෙයක් නිසා. ඇත්ත ඒ හිනාවට මම වහා වැටුනේ එකමයි.

මම වැව් ඉවුරේ ෆොටෝස් ගන්න ගියාට මම බැලුවේ පුතා එක්ක නටන මහත්තයා දිහා... එයා ගොඩාක් ලස්සනයි. එයා කූල් හීරෝ කෙනෙක් වගෙ. මට හිතන්න බැරි තරම් මම එයාගෙන් ජිවිතේ විදිනවා... 

මගෙ ෆෝන් එක මේ වගෙ වේලාවට රින්ග් වෙනවට මම වෛර කරනවා... ශිට් එපා වෙනවා සාන්ත. මොකෙක්ද මේ... වැඩකට නැති එකෙක් නම් සෙනිකව කොටනවා අම්මපා... මගෙ රෝමැන්ටික් මූඩ් එක...  විශුත් මෙහෙම වේලාවටමයි බකට් පෙරලන්නෙ රෙද්ද.

"ඔව් කියන්න..."

"කොහෙද ඉන්නෙ."

"වැව ළඟ ඇයි?"

"ආ උඹත් මෙතනද?" මම වටේ කැරකුනා එහෙම අහන්න හේතුවක් තියෙන්න ඕනේ නිසා. මම දැක්කේ මට පොඩ්ඩක් ඈතින් තිබ්බ පොලිස් ජිප් එක දිහා. විශු කැෂුවල් හිටියෙ. එයා බලන් ඉන්න දිහා මම නිකමට බැලුවේ. මගෙ පුතා දිහයි, පූස් දිහයි එයාගෙ ඇස් තිබ්බේ. එත් ඇයි?

"උඹ ඇයි මෙහෙ ආවේ..."

"මම නිවාඩුවක් ගත්තා ඔයාලා එක්ක රවුමක් දාන්න..."

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now