69

488 111 29
                                    

පට්ට කලුවරේ මට අද නින්දක් තිබ්බෙම නෑ. හේතුවකට අහේතුවකට මම මගෙ ගාව ගුලි ගැහුන පූසා දිහා බලාගෙන හිටියා. මට අද එයා තාත්තා කෙනෙක් කියන දේ දුන්නා. ඉතින් මම හිටියෙ ගොඩක් සතුටින්. රෑ එළිවෙන පාන්දර වුනත් ඒක සතුටක් වුනා. හිතට බරක් දැනෙන්නෙ නෑ කියන්නත් බෑ. ස්පේශලි ඩැඩාගෙ ගිෆ්ට් ගැන...

"හලෝ..."

"කියන්න විශු..."

"උඹ ඔන්ලයින් නැද්ද?"

"නෑ... ඩේටා ඕෆ්..."

"ම්ම්ම්... කොහෙද ඉන්නෙ."

"උඹ මාව එව්ව තැනම තමා..."

"මම ලොකේශන් එකක් දාන්නම් ඉක්මනින් වරෙන්..." විශු කලඹලෙන් කියලා ෆෝන් එක තිබ්බා.

මොන මගුලක්ද? මට නම් දාලා යන්න බෑ. මේ මනුස්සයා තාමත් පූසෙක් වගෙ ගුලි වෙනවා. ඉතින් කොහෙද මම යන්නෙ. එත් විශුව අහක දාන්න බැරි කමටම ලිහපු ඇදුම් ඇදගෙන එයාගෙ ගිෆ්ට් එකත් කා එකට දා ගෙන මම විශි එව්ව ලෝකේශන් එකට ගියා. විශේශ තැනක් නෙවේ ඒ. පානදුරේම හොටෙල් එකක්... හොටෙල් එකකට වඩා ගෙස්ට් එකක් වගෙ.

"උඹ ආවා..."

"මොකො බං... මොකද සීන් එක..."

"අපි යමු රූම් එකට..."

"මොකද බං..."

"දගයෝ... කියන දේ කරපන්..." මොන මරාලයක්ද මං දන්නෙ නෑ වැටෙන්න යන්නෙ. කෝකටත් මම රෙඩි වුනා.

"මොකක්ද බං වුනේ..."

"ඩේටා ඕන් කරපන්..." විශු කියද්දි මම ගැහෙන අත් වලින් ඩේටා ඕන් කරේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වේලාවක.

ටුවිටර්, fb හැම සෝශල් මීඩියා එකෙන්ම එක දිගට මට මැසෙජ් එනවා. නොටිෆි එනවා. මම විශු දිහා බැලුවා.. ඩැඩා ප්‍රෝපෝසල් එකක් ගෙනත්වත්ද?

"විශු මට ඕපන් කරන්න කලින් මොකක්ද කියලාවත් කියපන්..."

"පොඩ්ඩක් බලපන් මල්ලි.... පිලිස්..." විශුගෙ හඩ නිසාම මම මුලින්ම බරපතල නැති වෙන්න කියලා ටුවිටර් ඕපන් කරා...

මගෙ මුලු වෝල් එකෙම එක එක ටුවීට්... කෞෂි මැරුවේ ඇයි? සිව් වසරකට පසු හෙළි වූ මරණය... ළමයෙක් හම්බෙන්න හිටිය කෙල්ලව මරපු නරුමයා අජන්තගෙ දෙවෙනි පුතා..  හැම තැනම හැමතැනම මගෙ නමට ගාවලා ටුවීට් ගොඩක්. මම විශුවගෙ මූණ දිහා බැලුවා. අනුකම්පාව මූණ පුරාම පුරවගෙන විනාඩියක් මගෙ දිහා බලන් ඉදලා මට විඩීයෝ එකක් දුන්නේ...

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now