01.Me 🌧️

100 7 20
                                    

මම දන්නේ නෑ ඔයා මේ ලෝකේ කොතන ,කොහොම ඉන්නවද කියලා ,

ඒත් මේ ලෝකේ හරි අමුතු අමුතු ලෙඩ තියෙනවා ..හරියට ...මට වගේ .

ම්ම්ම් ...මම ඒක මෙහෙම හැදින්නුවොත් 'Sudden Sensorieura Hearing Loss'
ඒත් ඒක තරමක් අමුතුයි..ච් ..ගොඩක් අය නම් ඒක ආශිර්වාදයක්ලූ ඒත් ඇත්තටම ඒක ලොකු ශාපයක් ..

මම බිහිරි වෙනවා වැස්සක් පටන් ගද්දි ඒත් අනිත් අයට සාමාන්‍යයි ..

දැන් තේරෙනවා ඇතිනේ ඇයි මේ දෙය සාපයක් වෙන්නේ කියලා ??

විද්‍යාත්මකව ගත්තොත් මේක හදුන්වන්නේ . 'Sudden Sensorieural hearing loss during raining '
කැහෑ ..කැහෑ..හිතන්න එපා ඒක තරමක් complicated ..

බස් එක නවත්තනවා දැනුන නිසාම ,ලැප් එක බෑග් එකට දාගත්ත මම ලග තිබුන මගේ විනි විද පේන කුඩේ ඉහලන ගමන් බස් එකෙන් බැස්සේ ලාවට කුඩු පොද තිබුන වැස්ස දැන් ගොඩක් සැර කරලා නිසා..

මාව පහුකරන් ගොඩක් මිනිස්සු දුවනවා ,සමහර අය තමන්ගේ අතේ තියෙන බෑග් එක ඔලුව උඩ තියන් වැස්සෙන් බේරෙන්න දුවනවා .තවත් සමහර අය බස් එක , ටැක්සි එක අල්ලන්න දුවනවා ..මාව පහු කරන් ස්කූල් ලමයි පවා වේගෙන් දුවනවා..

වැස්ස කොච්චර ලස්සන දෙයක් වුනත් ඒ නිශ්ශබ්ද බව විදින්න අද ලෝකේ ලෑස්ති නෑ , එහෙම නේද ??

මගේ සුපුරුදු කැෆේ ශොප් එකට ඇවිත් ඉස්සරහ තියලා තිබ්බ තෙත කුඩ රදවනයෙන් මම කුඩය අහුරලා ඇතුලට ගියා..

"මෑ'ම්ට තව මොනාහරි ඕනෙද ?? "

"ම්ම්ම් මගේ වයිෆ් කැමති ස්ටෝබෙරි මෝච් වලට ..තියෙනවනම් ඒකෙන් එකක් අරන් එන්න "

"ඕකේ මෑ'ම් "

කැෆේ එකේ සුපුරුදු තැනම මම ඉදගෙන මම බලන් හිටියේ මගේ ඉස්සරහ හිටිය ලිස්බියන් කපල් එක දිහා..

එතන හිටිය වේටර්ට මොනාහරි කියපු එක කාන්තාවක් වේටර්ගේ පිටවීමත් එක්ක අනෙක් කාන්තාවගේ අතින් අල්ලගත්තේ ලස්සනට හිනාවෙන ගමන්..

'මේ වෙලාවේ ඇයි මෝචි ඕඩර් කලේ ??'

අත අල්ලන් ඉන්න කාන්තාවගෙන් සංඥා භශාවෙන් අනෙත් කාන්තාව අහද්දි , අත අල්ලන් ඉන්න කාන්තාව හරි ලස්සනට හිනාවෙලා ඇගේ කොන්ඩ කැබැල්ලක් කන පිටිපස්සෙන් රැදෙව්වා..

RAIN DROP 🌧️🤞💫 (Hyunglix)Where stories live. Discover now