02.17 years ago

52 6 15
                                    


"ඔම්මා මම ගෙදර ආවා "

"වොශ් එකක් දාගෙන එන්න ෆෙලී ,අප්පා අද කෑම රෙඩි කරන්නේ .."

රෑ නවයට විතර Taekwondo class ඉවර වෙලා , ගෙවර ආව අවුරුදු 9ක් වුන පුංචි ෆේලික් , සාලේ සෝෆා එකේ ඉදන් හිටිය තමන්ගේ ඔම්මාව හග් කරද්දි , ෆේලික්ස්ගේ ඔම්මා වුන ලියා , ෆේලික්ස්ගේ ඔලුව අතගාන ගමන් කතා කරා..

"චින්චා ..අප්පා ඉස්ද බෙස්ට් !!"

ඔම්මාගේ තුරුලෙන් ඈත් වුන ෆේලික් කුස්සියට ඇහෙන්න කෑගහද්දි , ලියා හිනාවෙලා සෝෆා එකෙන් නැගිට්ටා ..

"කපටි කොල්ලා ..යන්න ගිහින් වොශ් කරන් එන්න හියුන්ග් මේ ලග කඩේට ගියා ..දැන් එනවත් ඇති ..අපි ඔක්කොම එකට කමු ..අප්පටයි , මටයි ඔයාලට කියන්න දෙයක් තියෙනවා "

ෆේලික්සේ හිසකෙස් අවුල් කරපු ලියා ,කුස්සිය පැත්තට යද්දි ,ස්කූල් බෑග් එක අතට ගත්ත ෆේලිස්ක් එතනම ටැබ් එකට එබිලා හෙඩ්ෆෝන් දෙක දාන් හිටිය අවුරුදු හයක් වුන හන්ගේ ඔලුවට ගගෙන කාමරෙට දිව්වා..
*

*

*
Saengil chukha hamnida
Saengil chukha hamnida
Saranghaneun Felix shi
Saengil chukha hamnida

තමන්ගේ හියුන්ග් එහෙමත් නැත්තන් චැන් ගෙනාව තාරා හැඩේ කේක් එක වටේට ගහලා තිබුන ඉටිපන්දන් දිහා දිලිසෙන ඇස් වලින් බලන් හිටිය ෆේලික්ස් , සෝංග් එක ඉවර වෙනවත් එක්කම හිනාවෙලා අත් දෙක එකට පටලවන් ඇස් දෙක පියාගත්තා..

'මම ප්‍රාර්ථනා කරනවා ..මගේ හැම උපන්දිනයක්ම මේ වගේ ලස්සන වෙන්න කියලා ..'

"දැන් ඉටිපන්දන් නිවන්න ෆිලී "

"පුහ් !! "

"ආහ් !! ඔම්මා !!!"

හන් , ෆේලික්ස්ගේ ඉටිපන්දන් වලට පිබලා ගිහින් අප්පාගේ පිටිපස්සෙන් හැංගුනේ , ෆේලික්ස් මම හයියෙන් බෙරිහන් දෙද්දි ..

"ම්ම්ම් අප්පා ..අප්පාගේ කෑම තමා ලෝකේ තියෙන රසම කෑම .."

"අප්පා ඉස් ද බෙස්ට් .."

"දෙ අප්පා ..අද කෑම හරිම රසයි "

ඉස්සල්ලම අවුරුදු හයක් වුන හන් තමන්ගේ අප්පට thumbs up එකක් පෙන්නද්දි , ෆේලික්ස් ඇස් ගිලෙන හිනාව අප්පට පෙන්නුවා , අන්තිමට අවුරුදු එකොලක් වුන චැන් විනීතව අප්පට compliment දෙද්දි , තවමත් පුංචි I.N giggle එකක් පිට කලා..

RAIN DROP 🌧️🤞💫 (Hyunglix)Where stories live. Discover now