04.Cute ...who ??

31 6 31
                                    

"අපි යමු ."

වැඩ ඉවර වුන නිසා සූ නැගිට්ටේ ඇගේ හිරිත් කඩන ගමන් ..මාත් ලැප් එක බෑග් එකට දාගෙන වටේ තිබුන පොත් ටිකත් එකතු කරන්න ගත්තේ වෙලාව බලන ගමන්මයි..

අපි දෙන්නා බස් ස්ටේශන් එකට ඇවිත් ඉදගත්තේ අපි එනවත් එක්කම බස් එකක් ගිය නිසා .

"අපරාදේ තව විනාඩි දෙකක් ඉස්සර වුනානම් බස් එක අල්ලන්න තිබ්බා "

"ම්ම්ම් "

මම එයාට එකග වෙන ගමන් ඔලුව වැනුවා..අවාසනාව කියන්නේ ඕකටනේ..තව බස් එකක් විනාඩි තිහකින් ..තව පැය බාගයක් ..

"වහින්නත් වගේ..අඩුම මේ පාරවත් එයාට කතා කරලා බලන්න..තව අවුරුදු කීයක් ඔහොම ඉන්නද ?? "

ආයෙත් පටන් ගත්තා..මම ඇස් රෝල් කරලා අහක බලාගද්දි සූ හිනාවෙලා මගේ උරපත්තෙන් අත තිබ්බා..ඒත් එක්කම මට පෙට්ටියක් හෙලවෙන සද්දයක් ඇහුනේ සූත් ගැස්සිලා මන් දිහා බලද්දි..

"සැකයක් නැහැ..ඔයාටත් ඒක ඇහුනා එහෙමනේ ??"

සූ ඇහිබැමක් උස්සලා මගෙන් අහද්දි , මම ගොලුවෙක් වගේ ආයෙම ඔලුව වැනුවා..ඒත් එක්කම අපි දෙන්නම ඉදන් ඉන්න බංකුව යටට එබුනේ ඒ පෙට්ටි සද්දේ බංකුව යටින් ආව නිසා..

පොඩි පොඩි රවුම් කපලා පෙට්ටිය ටේප් කරලා..අපි දෙන්නා පෙට්ටිය බංකුව උඩට ගත්තා..පෙට්ටිය දැක්ක ගමන් කියන්න පුලුවන් පූසෙක් නැත්තන් බල්ලෙක් ..ඔව් ඒක විශ්වාසයි මොකද මෙහෙ මේවගේ හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නවා..දෙපාරක් හිතන්නේ නැතුව මන් සෙලෝටේප් එක ගලවලා පෙට්ටිය ඇතුලට එබුනා..

"පූස් පැටියෙක් ??"

ඔව් එයා සුදුම සුදු පුංචි පූස් පැටියෙක්..මම එයාව අතට අරන් ඔඩොක්කුව උඩින් තියා ගත්තා ඒත් සූ ,

"හච්චින්..!!"

"කිවෙන්චනා ??"

"අ-අනී ඕකව පැත්තකට කරන්න "

පූස් පැටියව ආයෙමත් පෙට්ටියට දාල මම සූට සාක්කුවේ තිබ්බ ලේන්සුව දික් කරේ නහය පිහාගන්න..මට අමතක වුනා සූට පූසෝ ඇලජික් කියලා..

RAIN DROP 🌧️🤞💫 (Hyunglix)Where stories live. Discover now