18 th Phase 🌙

99 19 14
                                    


නම්ජුන් සාම්ප්‍රදායික මංගල ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා මාළිගාව ඉස්සරහ තියෙන පළල් පඩි පනහක් විතර තියෙන පඩිපෙළ මුදුනේ හිටගෙන ඉද්දි නම්ජුන්ගෙ වම් අත පැත්තේ සම්පූර්ණ රාජාභරණ වලින් සැරසිලා ඇසටෝරියාවේ මහරජු... නම්ජුන්ගෙ පියාත්, දකුණු අත පැත්තෙන් මැදිවිය ඉක්මවූ නමුත් තවමත් ඉහළ රූ සපුවකට උරුමකම් කියන ඇසටෝරියාවේ මහ රැජින කිම් අග බිසවත් හිටගෙ ඉද්දි  රජතුමාට එහා පැත්තෙන් ජිමිනුත් රැජිනට එහා පැත්තෙන් චැන්‍යොලුත් හිටගෙන හිටියෙ සෙසු රාජකීයයන් පිරිවරාගෙන....

මාළිඟාවේ දෙපැත්තට ඇරලා තිබුණ ශක්මත් ලී දොරටු ඉදිරියේ රත්‍රං ආභරණ වලින් සැරසුව සුදු අශ්වයින් දෙදෙනෙක් ගැට ගැසුව රතුපාට තිර රෙදි වලින් ආවරණය කරලා කහපාට මල්වැල් වලින් සරසපු කරත්තයක් නතර වෙද්දි නම්ජුන්ගෙ ආඩම්බර මුහුණෙ කම්මුල් වළ ගැහුණා....

අශ්ව කරත්තය පදවගෙන ආව සෙන්පති නිළ ඇඳුමෙන් සැරසිලා හිටිය යුංගි වගේම හිටපු සෙන්පති දේයුන් දෙන්නා කරත්තයෙ තිරරෙදි මෑත් කළා ම ඇතුළෙ හිටිය ජින් යුංගිගෙත් තමන්ගෙ අප්පාගෙත් අත් අල්ලගෙන කරත්තෙන් බැස්සෙ එතන හිටිය ගොඩක් අයගෙ හුස්ම හිර කරවලා...

රත්තරන් පාට නූල්වලින් ගෙත්තම් කරලා තිබුණ සේද ඇඳුම්වලට ජින්ගෙ ඇඟේ හැඩ කැපිලා පෙනෙද්දි ජින්ගෙ මූණ ආවරණය කරගෙන තිබුණ රතු පාට දුහුල් සළුව අතරින් පේන ඇස් දෙක සීමාව විතරක් වැහෙන විදියට දාලා තිබුණ රත්තරන් වෙස්මූණ පාන්දර ඉර අව්වට දිලිසිලා පෙනුණෙ ජින්ගෙ ලස්සන තවත් ටිකක් වැඩි කරලා....පාර දෙපැත්තෙ මඟුල් බෙර වාදන,නළා හඬවල් මැදින් එළලා තිබුණ රතු පලස දිගේ ජින් තමන්ගෙ අප්පගෙ අතේ එල්ලිලා එද්දි ජින්ට එහා පැත්තෙන් යුංගි එක අතකින් තමන්ගෙ කඩුව අල්ලගෙන අනිත් අත නවලා පිටට තියාගෙන සීරුවෙන් ඇවිදගෙන ආවෙ ජන්කුක්,ටේහ්‍යුන්, රියුජින්,ජන්කුක්ගෙ,යුංගිගෙ ඔම්මලා,හිටපු සේන්පතිතුමාගෙ ඔම්මා නැත්තන් ජින්ගෙ අත්තම්මා ඇතුළු පවුලේ පිරිස ඊට පිටුපසින් ඇවිදගෙන එද්දි....

.
.
.
.
.
.
.
.
.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Phases of the MoonWhere stories live. Discover now