32 nd Phase 🌙

99 26 8
                                    

"සියල්ල සූදානම් නේ...ජිමින්...ඔබ බලා සිටි දිනය එළඹිලාත් කිමද මෙසේ දුකින් සිටිනුයේ ජිමින්..."
ජින් ජිමින්ගෙ විවාහ ඇඳුම ආයෙත් හදලා චුට්ටක් පහළට ලිස්සලා කොණ්ඩ කටුවක් ආයෙ හදලා අහද්දි උකුළ උඩ අත් දෙක ගුළි කරගෙන කණ්ණාඩිය දිහා බලාගෙන හිටිය ජිමින් ලොකු හුස්මක් පහත දැම්මා...

"රාජ්‍යය පුරා ගැටුම් හ්‍යුන්...කිසිවෙක් ආරක්ෂිත නැහැ... එසේ ම එදින නික්ම ගියායින් පසුව තෙමසක් නික්මිලත් ජන්කුක්ගෙන් කිසිදු ලියමනක් නොමැතී...අපගේ විවාහයට කළ ආරාධනාවට පවා පැමිණිය නොහැකි බව දන්වා එවූයේ අධිරාජ ටේහ්‍යුන්...

මා හටත් අධිකව යුංගි හ්‍යුන් ජන්කුක් පිළිබඳ සාංකාවෙන්...එසේ ම යුධ ගැටුම් නිසාත් ඔහු සිටිනුයේ පීඩනයකින්...විවාහයක මානසිකත්වයක් නොමැතී ඔහුට...මා හටත් අවශ්‍ය නැහැ මෙතරම් හදිසි වී ඔහුට තවත් බාධාවක් වීමට..."
ජිමින් කණස්සල්ලෙන් කියද්දි ජින් ජිමින්ගෙ කම්මුලට අතක් තියලා බිමට බර වෙලා තියෙන මූණ උඩට ඉස්සුවා...

"ඔබේ සොයුරා සමඟ විවාහ වීමට පූර්වයේ මාත් ඔය ලෙස සිතුවා ජිමින්... නමුත් දැන් වැටෙනවා...මා ඔහු අසල රැඳීම ඔහුට අස්වැසිල්ලක් වග...යුංගිගේ කාර්යබහුල ජීවිතය සමඟ ඔබට බොහෝ සේ ඉවසා දරා ගැනීමට සිදුවේවි...

නමුත් මා දන්නවා සියලු බාධක හමුවේ යුංගි සමඟ රැඳීමට අන් සැමට අධිකව උචිත තැනැත්තා ඔබ බව ජිමින්...ඔහුට ඔබ බාධාවක් නොවෙයි...ශක්තියක් පමණයි...ඒ පිළිබඳ සිත් තැවුල් ගන්න එපා..."
ජින් හිනාවෙලා කියද්දි ජිමින් යන්තමට හිනා වුණා... දොර ඇරෙන සද්දෙට දොර දිහා බැලුව ජින් දරුවව වඩාගෙන ඇතුළට එන නම්ජුන් එක්ක හිනාවෙලා තමන්ගෙ රත්තරන් පාට නූල් වලින් වැඩ දාලා තිබුණ සුදු පාට බිම දිගේ ඇදෙන සළුව අතින් හදන ගමන් ජිමින් ළඟින් පැත්තකට වෙලා දරුවව වඩා ගත්තා...

"මගේ පුංචි හුරතල් සොයුරා විවාහ වන වයසට එළඹෙන තෙක්ම මා හට කිසිදාක දැනුණේ නැහැනෙ ජිමින්...

ස්මරණයේ රඳවන්න මතුවටත් මා හට ඔබ මාගේ දෑස මානයේ වැටෙමින් නැඟිටි කුඩා දරුවා ම වග..ඕනෑම කටුක මොහොතක ඔබේ සොහොයුරා ඔබ සමඟ සිටිනවා ජිමින්...

Phases of the MoonWhere stories live. Discover now