39 th Phase 🌙

97 22 12
                                    


"මා වදන් දෙනවා නැවත පැමිණෙන වගට සොක්ජින්... නමුත්..."

"එ-එපා මගේ අධිරජුනි...මැදුරෙන් නික්මීමට පූර්වයේ අශුභ වදන් පවසන්න එපා..."
ජින් නම්ජුන්ගෙ කට තමන්ගෙ අතකින් ආවරණය කරන ගමන් කියද්දි නම්ජුන් ජින්ගෙ අතේ ඇඟිලි එක්ක තමන්ගෙ අතේ ඇඟිලි පටලගෙන ඒ සිනිඳු අතේ පිටි අල්ලට තොල් තද කළා...

"මා හට හුදෙක් මාවත් ආරක්ෂා කර ගත නොහැකි මොහොතක ඔබව සුරකින බවට මුසා බස් දෙඩීමට මා ප්‍රිය නැහැ මගේ සඳ ......

කරුණාකර මා හැර දා ඔබේ පවුල සමඟ නික්ම යන්න කුමරුනි...

සැබෑවට ම මා හට ප්‍රේම කරන්නේ නම් ලොව කොහි හෝ අන්තයක රැඳෙමින් ප්‍රාණය ආරක්ෂා කර ගන්න...."
නම්ජුන් ජින්ට දවස් ගානක් තිස්සෙ ම දරුවා එක්ක ජින්ගෙ ඔම්මගෙ ගම්මානෙට යන්න කිව්වත් ජින් දිගින් දිගටම ඒ අදහස ප්‍රතික්ෂේප කරපු නිසා නම්ජුන් ආයෙත් වතාවක් ජින්ව කැමති කර ගන්න උත්සාහ කළා...

" සියල්ල අහිමි වූ තැනත් අත් නොහරින්නන්ට සැබෑ ප්‍රේමය නිසැකව ම හිමි වනවා මගේ කුමරුනි....

ඔබව අහිමිව වසර සියයක් විඳවනවාට අධික ව මා ප්‍රියයි ඔබ සමඟ එක් මොහොතක් හෝ රැඳී ඔය උණුහුමේ මිය යාම මිහිරියි මා හට....

ඔබේ වදනට අකීකරු වන සේ වටහා ගන්න එපා මගේ කුමරුනි....නමුත් මා ඔබ හැරදා කොහි හෝ නැහැ යනුයේ... ඔබ යම් දිනක පැමිණෙන තෙක් මා මේ මැදුරේ රැඳෙනවා..."
ජින් නම්ජුන්ගෙ කම්මුල් දෙකට අත් දෙක තියලා කියද්දි නම්ජුන් ආපිට මොනවා හරි කියන්න හැදුවත් ජින් නම්ජුන්ගෙ තොල් හරස් කරලා තමන්ගෙ තොල් තියද්දි නම්ජුන් ජින්ව තවත් ටිකක් ළං කරගෙන ඇස් පියා ගත්තා....

නම්ජුන් රජකම භාර අරගෙන මේ ගෙවෙන්නේ හයවෙනි මාසෙ වෙද්දි මාස තුනකට නතර වෙලා තිබුණ යුද්ධය කලින් තිබුණටත් වඩා දරුණුවට ඇවිලෙන්න පටන් ගත්තෙ නම්ජුන්ගෙ ආඥාවකින් පිට වුණත් කාගෙ මෙහෙයවීමක්ද නොදැන ඇසටෝරියාවේ හේවායින් පිරිසක් ශේහයි මැදුර තුළදී ම ටේහ්‍යුන්ව ඝාතනය කරන්න ගත්ත උත්සාහයක් වැරදිලා ටේහ්‍යුන්ට අහුවුණ නිසා...

Phases of the MoonWhere stories live. Discover now