Chapter 02 ˁˑˀ ➤

173 30 174
                                    

මට මහා කාවහරි අනාථ කරලා පැනලා ආවා වගේ පිලිං එකක් එනවනේ.. හරිනේ අනාථ කරා තමා. ඒ අන්කල්ලා ඊටපස්සේ අපේ ගෙදරට ආවම මම කාමරේට පැනලා දොර වහගත්තා!

සැක් විලිලැජ්ජාවේ බෑ. ඒ අන්කල් මගෙන් පොඩි පුතෙක්ද ඒ කියලත් ඇහුවා. මදැයි අවුරුදු 21ක මම අහගන්න කතා අම්මපා!!!!!!

හරි නන් ලොකුතාත්තා මට මෙව්වට ගෙවන්නොනේ. අන්තිමට පාරත් කියලා අන්කල්ට නුවර සොහොනකුත් පෙන්නුවනේ මම කෝමහරි! ඕකේ තමා මේ රටේ දෙදාස්පන්සියක ප්‍රොඩ සැක් මක්කහරි රැකගත්ත අප්පොච්චිලා සැපතිලා ඉන්නවා ඇති ඔතන.

අන්තිමට පෙරහැර බලලා ඇවිත් මම මල්වර වෙලා වගේ කාමරේට වැදුනා වැදුනා මයි ආයේ එළියට ඔලුවවත් දැම්මේ නෑ.

ඒ ලොකුමම්මගේ යාලුවෙක් කියලා කිව්වනේ.. කෝමහරි කමක් නෑ මට ලැජ්ජයි!

'මද්දු පුතා!'

'ඔහ්හ්හ්'
අප්සරා අම්මා කාමරේට කඩාගෙන වැදුනම මම ගැස්සිලා ගියා. කෝමහරි අම්මා මන් දිහා බැලුවම මම හිනාඋනා.

'තේ ටිකක් හදන්න එන්න...'
අම්මා කිව්වම මම එළියට එන්න ආවා. ඒ මිනිස්සු හැමදාම මෙහෙ ඉන්නකල් මට හැංගිලා ජීවත් වෙන්න බෑනේ.

කුපාඩි වැඩ කරා නන් විදවන්නත් ඔනේ.

මන් කාමරේ දොර රෙද්ද මෙහාට කරගෙන ලමිස්සි වගේ බිම බලාගෙන එළියට ආවා. සාලෙට එනකොට ඔක්කොම මන් දිහා බලනවා කියලා දැනුනම මම අම්මට මුවා වෙලා කුස්සියට යන්න හැදුවත්-

'මන් දැනගෙන හිටියේ නෑනේ ප්‍රභාත්ට දුවලා දෙන්නෙක්ම ඉන්නවා කියලා!'

'කවුද අනිත් දුව?'
මට ටිකක් සද්දෙන්ම කියවුනාම අනිත් හැමෝගෙම අතරේ තිබ්බේ හෙන නිස්සබ්දතාවක්. වැඩිවෙලා නොගිහින් ලමිස්සි කියලා අහගත්තේ මටම නේද කියලා මතක් උනාම මගේ කම්මුල් දෙක ගිනි ගන්න වගේ ආවා!!!!!!

ආආආආආ අපරාදේ කනත්තට නෙවෙයි යවන්න තිබ්බේ!!!!

'හෙලෝ පුතා මම රවී.. ඔයාගේ තාත්තගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්..'
මට අපේ තාත්තගේ අනිත් දුව කියපු අන්කල් කිව්වම මම ඔලුව උස්සලා හිනා උනා. වෙන මොනාකරන්නද රවන්න යෑ..

දේදුණු | namjin Where stories live. Discover now