Chapter 03ˁˑˀ ➤

176 38 57
                                    

ඇත්තමයි!!!!

මන් මේ ඉන්නේ අර පොඩි එකාව නුවර පෙන්නන්න එක්කගෙන යනවා කියලා පොරොන්දු උන එකට 1000000 වෙනි පාරත් පසු තැවෙන ගමන්!

ලොකුමම්මා හිතුවේ මම ඉක්මනින් මෙයා එක්ක යාලු උනා කියලා. ඒත් මූ මට අයිතු යෝජනා ගෙනල්ලා මාව බය කරවලා කෝමහරි මාව කැමති කරගත්තා..

පෙන්නෙ නැතෑ දැන් මුකුත් උන්නෑ වගේ මගේ ඇද බදාගෙන නිදාගෙන ඉන්න කැත විතරක්!

ආර්හ්හ්හ්
කේන්ති ගන්නෙපා හිමව් එතකොට කැතවෙනවා.. චිල් හිමව් චිල්... ටේක් ඉට් ඉසී.. මූ වැඩිකල් ඉන්නෑනේ කොහොමත්..

මම අතේපයේ ක්‍රීම් උලාගෙන මගේ කොට්ටෙයි බෙඩ්ශීට් එකයි අරූගේ අලි පත කකුලට යටවෙලා චොප්ප වෙලා තිබ්බ නිසා ඇදලා ගත්තා.

පොඩි විසයක් නෙවෙයි මුට තියෙන්නේ. නිදාගෙන ඉන්නෙ අඹරයන්න වගේ මූ...

ලොකුමම්මාලගේ ගෙදර කාමර දෙකයි තියෙන්නෙ කියලා රවී අන්කල් මෙයාව මාත් එක්ක තියලා ගියා. ලොකුමම්මලගේ රෙන්ට් හව්ස් එක මෙහේ ඉදන් පොඩ්ඩ දුර නිසා මූ හා කියලා මාත් එක්කම ඉන්නොනේ කියලා මගේ කාමරේ ආක්‍රමණය කරලා දැන් උගේ ඇද වගේ නිදාගෙනත් ඉන්නවා..

ඊඊඊඊ යසයි පොඩි බේසිකයා යමන්කො ඔහොම!

මූ හතර අතටම ඇඹරිලා ඉන්න හැටියට මට ඉඩක් නැති නිසා මම බිමවත් නිදාගන්නවා කියලා හිතාගෙන මගේ ඇද යට තිබ්බ මෙට්ටේඇදලා දාලා බෙඩ් ශීට් එකක් දාලා ලැහැස්ති කරගත්තා.

මූ නෝහෙල්ලුම් පොල්මැල්ලුම් වගේ එක කකුලක් පපුව ගාවටම නවාගෙන හොදට නිදි... මම තව කොට්ටක් ඇදලා අරගෙන ඇද යටට යයි කියලා සාධාරණ බයෙන් ඒ පැත්තෙන් තිබ්බා.

මූ ආපු ගමන් බෑග් එක අතැරපු තැන එහෙම්මමයි බෑග් එක!

මොනතාලෙට හැදිලද මන්දා.. ඒකට මම..

මම මෙට්ටේ උඩින් වාඩිවෙලා ලයිට් එක ඕෆ් කරලා දාලා මෙට්ටේ හේත්තුවක් දැම්මා. නින්ද යන එකක් නෑ කියලා හිතුවට.. ඇත්තටම මට මතක මට ඇස් පියාගත්තා කියලා විතරයි.



'සංහිත මල්ලේ අලගෙඩිය වැටෙන්න යන්නේ!!!!!!!!!'

'අයියේ අල වැටෙන්නෙ ඇයි?'

දේදුණු | namjin Where stories live. Discover now