Chapter 04 ˁˑˀ ➤

407 33 66
                                    

3rd person pov~

සංහිතව ගෙදර මිනිස්සුන්ට කොච්චර අල්ලලා ගියාද කිව්වොත් දැන් හිමව් ඉන්නේ පිටින් ඇවිත් බෝඩ් උන කෙනෙක් ගානට. හිමව් කොහොමත් ගෙදර පාඩුවේ හිටපු කෙනා නිසා හිමව්ට මේ දේවල් ගානක් උනේ නෑ.

පළවෙනි දවසේ හිමව්ගේ කාමරේ සම්පූර්ණයෙන් ආක්‍රමණය කරපු සංහිත දැන් හිමව්ගේ අයියා හිමංසගේ කාමරේ සහයෝගෙන් ඉන්නවා. හිමව්ගේ නංගි උනත් සංහිතට ගොඩක් එකතු උනා. සංහිත ගෙදර ඇවිත් දවස් 3ක් ගෙවිලා ගිහින් තිබ්බා.

මේ දවස් තුනට එයා කොච්චර හිනාවෙලා සතුටින් හිටියද කිව්වොත් මීට දවසකට කලින් නුවරින් ගිහින් රට ගිය රවී ගංගා දෙන්නම අනිවාර්යයෙන් මේ එයාලගේ පුතා නෙවෙයි කියාවි!

'හවසට මාලිගාවේ යමු!'
හිමංස මේ සතියෙම ලීව් එකක් දාලා ගෙදර හිටියේ සංහිත නිසාමයි කිව්වොත්! ඔව් ඇත්ත. ඒ නිසාම තමයි. වත්තේ බැඩ්මින්ටන් ගගහා හිටපු සංහිතයි හිමව්ගේ නංගියි දෙන්නම හිමංස දිහා බැලුවා.

'සිරාවටද කියන්නේ?'
සංහිත ඇහුවම හිමංස ඔලුව උඩපල්ලෙහා කරලා වාඩිවෙලා හිටපු තැනින් නැගිට්‍ටා.

'හැබැයි පුතේ උබ කිව්වොත් තමා අම්මා යන්න දෙන්නෙ..'
හිමංස කිව්වම නිකිණි මූන එල්ලගත්තා. නිකිණි කියන්නෙ හිමව්ගේ නංගි. නිකිණි හොදාකාරවම දන්නවා අයියලා දෙන්නෙක් යන ගමනට එයාව තනියම යවන්නෑ කියලා..

'තමුසෙලා මහා නරකයි හලො.. අපේ අම්මා මාව එවන්නෑ ඔය දෙන්නා එක්කලා..'
නිකිණි රැකට් එක දමලා ගහලා ගිහින් වත්තේ තිබ්බ බෙන්ච් එකේ වාඩිවුනා. සංහිත ඇස් ලොකු කරගෙන හිමංස දිහා බලලා නිකිණි දිහා බලලා ගේ දිහා බැලුවා.

'එහෙනම් නැන්දවත් එක්කගෙන යමු..'

'නැන්දව එක්කගෙන ගියා වගේ නෙවෙයි ආතල් එකක් ගන්න වෙන්නෙ නෑ..'

හිමංස කිව්වම සංහිත කටත් ඉරක් වගේ කරගෙන නිකිණි ගාවින් වාඩිවුනා. නිකිණි සංහිතට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒ උනාට නිකිණි සංහිතට සැලකුවේ අයියා කෙනෙක්ට වගේ. සංහිත පෙනුමෙන් සිතුවිලි වලින් කොහොමත් වයසට වඩා වැඩිවගේ..

දේදුණු | namjin Where stories live. Discover now